සිම්බාබ්වේ - අයර්ලන්ත තරගයට වර්ෂාවෙන් බාධා
අද පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ B ඛාණ්ඩය යටතේ තරගවදින අයර්ලන්ත සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී ඇත.
තරගය පැවැත්වීමට නියමිත පල්ලෙකැලේ ක්‍රීඩාංගණය හා ඒ අවට ප්‍රදේශයට වර්ෂාව ඇදහැලීම හේතුවෙන් තරගය ආරම්භ කිරීමට නොහැකි වී තිබේ.
මෙම තරගය සිම්බාබ්වේ කණ්ඩායමට ඉතාමත් වැදගත් තරගයක් වේ.
මේ වන විට B ඛාණ්ඩයේ සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම පමණී.