පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සුබසාධනයට තිබ්බ ශ්‍රම වාසනා අරමුදල ඈවර කරන්න යයි

Report

ශ්‍රම වාසනා අරමුදල ඈවර කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යොජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව,1971 අංක 38 දරණ මුදල් පනතෙහි ප්‍රතිපාදන අනුව 2026-06-30 දින වන විට ශ්‍රම වාසනා අරමුදල ඈවර කිරීම වෙනුවෙන් පියවර ගැනීමටත්, දැනට ශ්‍රම වාසනා අරමුදල මඟින් සපයනු ලබන හා වෙනත් ආයතනයක් මඟින් ආවරණය නොකෙරෙන තවදුරටත් පවත්වාගෙන යා යුතු සේවාවන් කම්කරු අමාත්‍යාංශය මඟින් පවත්වාගෙන යාමටත් නියමිතව තිබෙනවා.

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් මුල්‍යමය සහය සැපයීම පිණිස සහ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලසීම මූලික අරමුණු කරගත් මෙම ශ්‍රම වාසනා අරමුදල, 1998 අංක 12 දරණ ශ්‍රම වාසනා අරමුදල් පනතේ විධිවිධාන අනුව පිහිටුවා තිබෙනවා.

රජයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සුබ ආරංචියක්

රජයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සුබ ආරංචියක්

එය වර්තමානයේ කම්කරු අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ඇති බව සඳහන්.

ඒ අනුව රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචන කමිටු වාර්තාව මඟින් රජයේ මැදිහත් වීම ඉවත් කළ යුතු හා ඈවර කළ යුතු ආයතන යටතේ ශ්‍රම වාසනා අරමුදල ද හඳුනා ගනී.

එමෙන්ම දැනට එහි සේවාවන්ගෙන් ප්‍රතිලාභ ලබන පාර්ශ්වයන්ට අගතියක් නොවන ආකාරයට මෙසේ ඈවර කිරීම සඳහා නිර්දේශ කර ඇත.

එම අරමුදල මඟින් ඉටු කරනු ලැබූ කාර්යයන් අතරින් තවදුරටත් ඉටු කළ යුතු කාර්යයන් හඳුනා ගෙන එම කාර්යයන් ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ විවිධ පාර්ශ්වයන්ගෙන් සමන්විත කමිටුවකින් අදහස් ලබාගෙන ක්‍රියාකාරි සැලැස්මක් ද සකස් කර‍යි.

හිතාගන්න බැරි වැටුපක් එක්ක මේ අයට ජර්මනියෙන් ඉහළ ඉල්ලුමක් - යනවා නම් මෙන්න අවස්ථාව

හිතාගන්න බැරි වැටුපක් එක්ක මේ අයට ජර්මනියෙන් ඉහළ ඉල්ලුමක් - යනවා නම් මෙන්න අවස්ථාව

අඩු ආදායම් ලාභීන්ට සුබ ආරංචියක් - රජයෙන් නාගරික නිවාස 2,500 ක්

අඩු ආදායම් ලාභීන්ට සුබ ආරංචියක් - රජයෙන් නාගරික නිවාස 2,500 ක්