කවුරුත් නොහිතන දේකට රජයේ අවධානයක් ''යතිවර මාපිය නිවහන'' ක්

Report

බුද්ධ ශාසනයේ අඛණ්ඩ පැවැත්ම සහතික කිරීම පිණිස දරුවන් පැවිදි බිමට එක් කර ඇති, ආර්ථික වශයෙන් දුෂ්කර මට්ටමක සිටින නිවසක් අහිමි දෙමාපියන්ට නිවසක් තනා දීම අරමුණු කර ගනිමින් ‘යතිවර මාපිය නිවහන’ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

 දැඩි ආර්ථික දුෂ්කරතාවෙන් පෙළෙන පවුල්වල දරුවන් ශාසනයට දායාද කර ඇති දෙමව්පියන් වෙත ශාසනික කෘතගුණ දැක්වීමක් ලෙස මෙම වැඩසටහන දියත් කරනු ලබයි. 

වැඩසටහනේ මූලික අදියර වශයෙන් 2026 වසරේ සිට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි නිවාස 1,000ක් ඉදිකිරීමටත්, දැනට නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්’ නිවාස වැඩසටහනේ අනුබද්ධ වැඩසටහනක් ලෙස ‘යතිවර මාපිය නිවහන’ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර තිබේ.

 යෝජිත වැඩසටහන යටතේ හඳුනාගනු ලබන ප්‍රතිලාභීන්ට නව නිවසක් ඉදිකිරීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණ නිලධාරින්ගේ නිර්දේශ අනුව රුපියල් මිලියන 1.5ක මූල්‍යාධාරයක් ලබා දෙනු ලබයි නිවාස ඉදිකිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමේ දායකත්වය උපරිම වශයෙන් ලබා ගැනීමට ඉඩ සලසනු ලබයි .

තවත් කුමන්ත්‍රණයක් ගැන හර්ෂණ හෙළි කරයි

තවත් කුමන්ත්‍රණයක් ගැන හර්ෂණ හෙළි කරයි

මෙලෙස යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි .

ලංකාව කළඹපු නීතිඥ ඝාතනයේ ඝාතකයින් පලාගිය බවට සැක ගිනිගත් මෝටර් රථය රස පරීක්ෂක පරීක්ෂාවට

ලංකාව කළඹපු නීතිඥ ඝාතනයේ ඝාතකයින් පලාගිය බවට සැක ගිනිගත් මෝටර් රථය රස පරීක්ෂක පරීක්ෂාවට