පොලිස් වෙස් ගෙන මුදල් කොල්ල කෑ පුද්ගලයෙක් අත්අඩංගුවට...

Sri Lanka Police Sri Lanka Maradana Money Drugs
By Parami Dissanayake Jun 16, 2024 01:08 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

 පොලිස් නිලධාරියෙකු බවට පවසමින් මුදල් හා දේපොළ කොල්ලකෑ සැකකරුවෙකු මරදාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් 14 වනදා මධ්‍යම රාත්‍රියේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මරදාන පොලිස් වසමේ කැටවලමුල්ල හන්දිය ආසන්නයේ දී ඔවුන් පොලිස් නිලධාරීන් බව පවසා මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු පරීක්ෂා කර ඔවුන් සතු රුපියල් ලක්ෂ 02කට ආසන්න වටිනා ජංගම දුරකථනයක් සහ මුදල් පසුම්බිය කොල්ලකා තිබුණි.

නැවතත් වෛරසයක් හිස ඔසවයි - මෙන්න මේ රෝග ලක්ෂණ තියෙනවද කියලා දැන්ම බලන්න..

නැවතත් වෛරසයක් හිස ඔසවයි - මෙන්න මේ රෝග ලක්ෂණ තියෙනවද කියලා දැන්ම බලන්න..

ඒවා අවශ්‍ය නම් රුපියල් 35,000ක මුදලක් රැගෙන මරදාන පොලීසියට පැමිණෙන ලෙස පවසා සැකකරුවන් පළාගිය බව ද පැමිණිලිකරු පවසයි.

පසුව ඊයේ (15) දින මරදාන පොලීසිය විසින් මරදාන ෆොන්සේකා මාවත ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබු අතර ඔහු පැමිණි යතුරුපැදිය ඉහත කොල්ලයට අදාළ යතුරුපැදිය බවට හෙළිවීමෙන් අනතුරුව ඒ පිළිබඳව දිගින් දිගටම පොලීසිය ප්‍රශ්න කර තිබුණි.

මහානාමගේ අවිය ගැන නොපමාව රස පරීක්ෂක වාර්තා කැඳවන ලෙස, අධිකරණයෙන් CID යට නියෝග..

මහානාමගේ අවිය ගැන නොපමාව රස පරීක්ෂක වාර්තා කැඳවන ලෙස, අධිකරණයෙන් CID යට නියෝග..

ඒ අනුව සැකකරු කොල්ලකන ලද ජංගම දුරකථනය සැකකරුගේ නිවසේ තිබී සොයාගැනීමට පොලීසියට හැකි වූ අතර, අනෙක් සැකකරු සොයා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

සිවිල් ඇඳුමින් සැරසී පොලිස් නිලධාරීන් බවට පවසමින් පුද්ගලයින් හෝ දේපොළ පරීක්ෂා සිදුකිරීමේ දී ඔවුන්ගේ නිල හැඳුනුම්පත මගින් අනන්‍යතාවය තහවුරු කරගැනීමට මහජනතාවට අයිතියක් ඇති බව පොලීසිය පවසයි.