මෛත්‍රීගේ රැස්වීමට දිනේෂ් යයි..තවත් පක්ෂ රැසක් එක්වෙයි.නව ගමනක් අරඹයි.

Mahinda Amaraweera Mahinda Rajapakshe Maithreepala sirisena Dinesh gunawardhane Sri Lanka freedom party
By Aruna Sep 16, 2021 02:39 AM GMT
Aruna

Aruna

Report

වසර කිහිපයකට පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රැස්වීමක් ඊයේ (15) පවත්වා තිබේ.

ඒ හිටපු ජනාධිපති හා ශ්‍රී ලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

Zoom තාක්‍ෂණය ඔස්සේ පැවැති මෙම රැස්වීමට මහජන එක්සත් පෙරමුණේ නායක හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අසංක නවරත්න යන මහත්වරුන් ඇතුළු පක්‍ෂ නායකයන්ද සහභාගි වී ඇති බව වාර්තා වේ.

මෙම රැස්වීම ආරම්භයේදී ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක ආරුමුගම් තොණ්ඩමාන්, හිටපු අමාත්‍ය මංගල සමරවීර හා දේශ විමුක්ති ජනතා පක්‍ෂයේ පී.ඇම්. පොඩිඅප්පුහාමි මහත්වරුන් සිහිපත් කිරීමද සිදුකර ඇත.

එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට නව ප්‍රතිපත්ති මාලාවක් සැකසීමටද යෝජනා වී ඇති අතර ඒ සඳහා ඉදිරිපත් කළ යුතු යෝජනාවන් පිළිබඳවද දීර්ඝව සාකච්ඡාවට බඳුන් වී තිබේ.

නව ප්‍රතිපත්ති මාලාවත් සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානය බුලත් කොළය ලකුණ යටතේ පණ ගන්වා නව මුහුණුවරකින් ගොඩ නැඟිය යුතු ආකාරය පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now