හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, චීන ප්‍රබලයින් පිරිසක් හමු වෙයි..
දිවයිනට පැමිණ සිටින චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ ශාඛාවේ උප අමාත්‍ය චෙන් ෂෝ ඇතුළු පිරිසක්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් ඊයේ (15) දින හමු විය.
එහි දී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට චීනයේ සහය උපරිමයෙන් ලබා දීමට චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ ශාඛාවේ උප අමාත්‍ය චෙන් ෂෝ එකඟතාව පළ කර ඇත.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් කියා සිටියේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |