මැතිවරණය ගැන හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්..
By krishani
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානමින් පසුවන බව එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු ඊයේ (27) අනුරාධපුර පුදබිමට පැමිණි අවස්ථාවේදී මේ බව පැවසුවේ ය.
ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත වූ හිටපු ජනාධිපතිවරයා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැ දුටු අතර අනතුරුව රුවන්වැලි මහ සෑය වන්දනා කළ මහින්ද රාජපක්ෂ මහතා රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥානතිලක හිමියන් ද බැහැ දුටුවේ ය.
පසුව එම අවස්ථාවේ දී මාධ්‍යවේදීන් මැතිවරණය සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් සිය පක්ෂය මැතිවරණයකට මුහුණදීමට ශක්තිමත්ව සිටින බව පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |