හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කාල්ටන් නිවසෙන් කුලී ගෙදරක පදිංචියට යයි - ගිය හේතුව මෙන්න
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් කොළඹ ආසන්න පදිංචියට පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔහු මේ වන විට නුගේගොඩ ප්‍රදේශයේ නිවසක රැඳී සිටින බව සඳහන්. මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් සැප්තැම්බර් මස 11 වන දින විජයරාම නිල නිවසෙන් පිටව ගියා.
ඒ හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස පහසුකම රජය විසින් අහෝසි කිරීමෙන් පසුවයි.
අනතුරුව මෙම කාලය තංගල්ල කාල්ටන් නිවසේ ගත කළ ඔහු පසුගිය සතියේදී නැවතත් නුගේගොඩ ප්‍රදේශයේ නිවසක් වෙත පැමිණ තිබෙනවා.
මෙම පියවර ගෙන ඇත්තේ දේශපාලන කටයුතු හා වෛද්‍ය වෛද්‍ය පහසුකම් ලබා ගැනීම පහසුව සැලකිල්ලට ගනිමින් බව සඳහන්.
එමෙන්ම මෙම නිවස ඒ මහතාගේ හිතවතකුට අයත් එකක් වන අතර බදු පදනම මත ලබාගෙන ඇති බව වාර්තා වේ.