රන්වලගේ සිද්ධියට නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මහින්ද ජයසිංහගෙන් ප්‍රකාශයක්

Report

අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මාධ්‍ය හමුවකදී අදහස් කිහිපයක් ඉදිරිපත් කර තිබුණි.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඔහු සඳහන් කළේ මෙවන විට ආපදාවට පත් වූ බොහෝ දෙනාට සහන සලසා අවසන් බවයි.

ඒ වගේම ආණ්ඩුවට හිතවතුන් විවිධ තනතුරුවලට පත් කර ගැනීමේ සිදුවීම් වාර්තා වන බවට සඳහන් වේ යැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න නැගූ අවස්ථාවේ දී ඒ සම්බන්ධයෙන්ද ඔහු අදහස් ඉදිරිපත් කර තිබුණි.

එහිදී ඔහු සඳහන් කළේ ආණ්ඩුවට හිතවතුන් පත් කරමින් තමන්ට අවශ්‍ය පරිදි නීතිය නමමින් ක්‍රියා කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

එමෙන්ම ආණ්ඩුවේ වැඩපිළිවෙළ දරා ගත නොහැකි විපක්ෂයේ කණ්ඩායම් එල්ල කරන චෝදනාවලට ඔවුන් නොසැලෙන බවද සඳහන් කළේය.

ඒ අතරතුරේදී පසුගියදා හිටපු කතානායක ඇමති රන්වලගේ අනතුර පිළිබඳවද ඔහු අදහස් දක්වා තිබුණි.

දරුවන් ඉන්න තනි වූ දෙමාපියන්ට රජයෙන් 12000ක දීමනාවක්

දරුවන් ඉන්න තනි වූ දෙමාපියන්ට රජයෙන් 12000ක දීමනාවක්

ඒ අවස්ථාවේදී බහුතරයක් දෙනා සඳහන් කළේ ඇමති රන් වලට නිසියාකාරයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව අපොහොසත් වූ බවයි.

නමුත් ඒ සම්බන්ධයෙන් මහින්ද ජයසිංහ මහතා අදහස් දැක්වුවේ පහත ආකාරයටයි.

"කිසිදු තැනක කිසිදු ආකාරයෙන් නීතිය නමලා නෑ.පසුගිය දවසක ග්‍රාම නිලධාරී කෙනෙකුට ප්‍රාදේශීය සභාපති කෙනෙක් තර්ජනය කරලා තිබුණා. ඒකටත් අපි නීතිය ක්‍රියාත්මක කළා. රන්වල සහෝදරයාගේ සිද්ධිය වෙන්න පුළුවන්. අනෙකුත් සිද්ධීන් වෙන්න පුළුවන් ඒ හැමදේටම නීතිය ක්‍රියාත්මක වෙනවා.නීතියට කිසිදු අත පෙවීමක් අපි කරන්නේ නැහැ.අපි සියල්ල නීතියට යටයි"

යනුවෙන් ඔහු අදහස් දක්වා තිබුණි.

ගී රැජිණට සමුදෙන්න ආ සීලරතන හිමිට හොදටම කේන්ති යයි - පලු යන්න බනියි

ගී රැජිණට සමුදෙන්න ආ සීලරතන හිමිට හොදටම කේන්ති යයි - පලු යන්න බනියි