මහින්ද අමරවීර හදිසියේ කළ විශේෂ නියෝගය..
පසුගිය 9 වැනිදා ගිනිබත් වූ ඇතැම් දේශපාලනඥයින්ගේ නිවාස තුළ තිබී හමු වූ රසායනික පොහොර තොග සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් ලබා දුන්නා.
මේ අතර, පසුගිය 9 වැනි දා ඇති වූ කලහකාරී සිදුවීම් පිළිබඳව සොයා බැලීමට සියලුම ප්‍රචණ්ඩ ක්‍රියා පරීක්ෂා කිරීම හා දඬුවම් නිර්දේශ කිරීම සඳහා සුදුසු ආකාරයේ බලය ඇති විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටිමින් ලිපියක් යොමු කර තිබෙනවා.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ ඇතුළු 8 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකගේ අත්සනින් යුතුව යොමු කළ ලිපියෙන් ඉල්ලා සිටින්නේ මාස 3ක් ඇතුළත එහි වැඩකටයුතු සම්පූර්ණ කළ යුතු බවයි.