මහේලට ලෝකයෙන්ම විශිෂ්ඨ තැනක් හිමිවෙයි..සම්පූර්ණ විස්තරය මෙන්න.
මහේලට ඉහළම ගෞරව නාමයක් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ සේවය ඇගැයීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරනු ලබන සදාතනික විශිෂ්ටයන්ගේ (Hall of Fame) ක්‍රීඩක ලැයිස්තුවට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ද ඇතුළත් කර ඉහළම ගෞරව නාමයක් ලබා දීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.
එම විශිෂ්ටයන්ගේ ලැයිස්තුවට එක් වුණු තෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා මහේල ජයවර්ධන වේ.
ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් සහ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමර් සංගක්කාරද මීට ඉහතදී මෙම ලැයිස්තුවට ඇතුළත් වී තිබේ.
මහේලට අමතරව දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් නායක ෂෝන් පොලොක් සහ එංගලන්ත ක්‍රීඩිකාවක වන ජැනට් බ්‍රෙටින්ටද මෙම විශිෂ්ටයන්ගේ ලැයිස්තුවට අලුතින් එක්ව තිබේ.
ලෝක කුසලාන තරගාවලි 2 කදී ශ්‍රී ලංකාව අනුශූරතාවය දක්වා රැගෙන යෑමට සමත්වූ මහේල ටෙස්ට් තරග 149 ක්, එක්දින තරග 448 ක් සහ විස්සයි-20 තරග 55 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.
ලොව වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතර 9 වැනි ස්ථානයේ පසුවන මහේල රැස් කර ඇති ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 11,814 ක් වන අතර එක්දින ලකුණු සංඛ්‍යාව 12,650කි.
ටෙස්ට් ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 49.84 ක් ලෙසින් රඳවා සිටි ඔහු ටෙස්ට් ශතක 34 ක් වාර්තා කර තිබේ.
මේ වනවිට මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
