මහේල ජයවර්ධනට ඉහළ තනතුරක්

By Sithumi Sep 24, 2021 01:40 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස පත් කර තිබෙනවා. ඒ අනුව එළඹෙන 20 - 20 ලෝක කුසලානයේ පළමු වටයේදී ඔහු එම උපදේශක තනතුරේ කටයුතු කරනු ඇති.

ජෛව බුබුල යටතේ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී එක්වනු ඇති. මහේල මේවන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසට ද කටයුතු කරනවා.

ඕමානයේ දී පැවැත්වීමට නියමිත මූලික වටයේ තරඟ සඳහා පමණක් මහේල මෙම ධුරයේ කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



Gallery
ReeCha