ඉදිරියට ආ වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ.. (PHOTOS)
මහීෂ් තීක්ෂණ හා වනිඳු හසරංග අයි.සී.සී නවතම එක්දින හා 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ තිබෙනවා.
මොවුන් මෙලෙස ශ්‍රේණිගත කිරිම්වල ඉදිරියට පැමිණ ඇත්තේ සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගාවලියේ දී දැක්වූ දක්ෂතා හේතුවෙන් ය.
ඒ අනුව එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු දස දෙනා අතර සිටින එකම ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට පත්වෙමින් මහීෂ් තීක්ෂණ 08 වැනි වන ස්ථානයට පැමිණ තිබෙනවා.
ස්ථාන 28ක් ඉදිරියට පැමිණෙමින් එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 40 වැනි ස්ථානයට පත් ව ඇති වනිඳු හසරංඟ එක්දින තුන්ඉරියව් ක්‍රීඩකයන් අතර ද 17 වැනි ස්ථානයට පත් ව තිබෙනවා.
ඒ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, මේ වන විට වනිඳු හසරංග 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් හි තෙවන ස්ථානයේත් මහීෂ් තීක්ෂණ එහි සිව්වන ස්ථානයේත් පසු වේ.
Sponsored By Sarrita Jewellery
