පාසල් දරුවෙකු ඇතුළු බයික් 3ක් හප්පා පලා යාමට ගිය බසය අල්ලයි - ගමක්ම රත් වෙයි..

Colombo Puttalam Sri Lanka Sri Lanka Police Investigation Accident
By Sewvandhi Nov 20, 2023 01:39 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයකට හලාවත මාදම්පේ ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් විසින් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

ඒ, පාසල් දරුවෙකු ඇතුළු තිදෙනෙකු අනතුරට ලක්කර පළායාමට උත්සාහ කිරීම හේතුවෙනුයි.

අනතුරින් තුවාල ලැබූ පාසල් දරුවා ඇතුළු තිදෙනා ප්‍රතිකාර සදහා හලාවත මහ රෝහලට සහ මාදම්පේ රෝහල වෙත ඇතුළත් කර ඇත.

මාදම්පේ පැරණි නගරයේදී ,පුත්තලම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් වෙනත් බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී යතුරුපැදි 3ක ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරත් සමග ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා මාදම්පේ පොලීසියට අමතරව හලාවත සහ තොඩුවාව පොලිස් ස්ථානවල නිලධාරීන්ද එම ස්ථානයට කැඳවා ඇත.

බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මාදම්පේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ReeCha