පැනපු රාජිතව අල්ලන්න කොමිසමෙන් විමර්ශන

Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව පවසයි.

ඒ අනුව හිටපු අමාත්‍යවරයා මේ වනවිට දුරකථනය විසන්ධි කර දමා තිබෙන බව කොමිසම පවසයි.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

එසේම හෙළිව ඇත්තේ අත්අඩංගුවට ගැනීමට ඔහු පදිංචි නිවසට ද අවස්ථා කිහිපයකදී ම ගියද හිටපු අමාත්‍යවරයා එහි නොමැති බවයි.

ඉකුත් දා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවේ අල්ලස් කොමිසම සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන මෙන් කොමිසම ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව කොමිසම අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ රාජිත සේනාරත්න අල්ලස් කොමිසමට පැමිණ විමර්ශනවලට සහාය දැක්වීම මගහරිමින් සිටින නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි.

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

එහෙත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ එවැනි නියෝගයක් නිකුත් කිරීමට නම් විමර්ශනවලට අදාළ වාර්තා අධිකරණයට අවශ්‍ය බවයි.

එසේ නොමැතිව එවැනි වාර්තා පරීක්ෂා කිරීමකින් තොරව නියෝගයක් නිකුත් කිරීමට නොහැකි බවත් දන්වා තිබුණා.

තවද හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට නීතිමය බාධාවක් නොමැති බව එහිදී මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමේ නිලධාරීන්ට පෙන්වා දී ඇත.

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

ක්‍රියාපටිපාටියට පටහැනි ආකාරයට කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීමෙන් රජයට රුපියල් ලක්ෂ 262කට අධික පාඩුවක් සිදු කිරීමේ සිද්ධියේ සැකකරුවෙක් වශයෙන් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න නම්කර ඇත.

කෙසේ වෙතත් ලැබෙන ආරංචි මාර්ග අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න තම නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරි දිනකදී අධිකරණයට ඉදිරිපත් වීමට නියමිත බව පවසයි.

අද ඉඳලා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ජනතාවට දැනුවත් කිරීමක්

අද ඉඳලා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ජනතාවට දැනුවත් කිරීමක්