ආයේ තෙල් සංස්ථාවට නව බඳවා ගැනීම් නෑ

Report

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා නව බඳවාගැනීම් සිදුනොකරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා පවසනවා.

නවීන තාක්ෂණික ක්‍රම භාවිත කිරීමත් සමග සංස්ථාව තුළ මානව සම්පත අඩුකිරීමට හැකි වු බවයි ඔහු පවසන්නේ.

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, දැනට සේවය කරන පිරිස තම රැකියා සම්බන්ධයෙන් බිය විය යුතු නොවන බවය.

"2012 දී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් 3,290ක් පමණ ප්‍රමාණයක් හිටියා.නමුත් වර්තමානය වෙද්දි අපි සැලසුම් කරලා තියෙනවා බොහෝ දේවල් නවීන තාක්ෂණය උපයෝගී කරගෙන යන්න. එතකොට කලින් හිටිය තරම් සෙනඟක් අපිට අවශ්‍ය නෑ. අපේ නව පිරිස් බල සැකසුමට අනුව 3,290ක් පමණ තිබුණ පිරිස් බලය 2,031කට සීමා කරලා තියෙනවා. දැනට ඉන්න අය බොහෝදෙනෙක් විශ්‍රාම ලබනවා මේ අවුරුද්දේ සහ ලබන අවුරුද්දේ. ඒ අය විශ්‍රාම ලැබුහම අලුතින් එන්නේ නෑ. අලුතින් බඳවා ගැනීම නැවැත්වුවා. කාර්යක්ෂම නොවන සේවාවන් ගොඩක් අපි නවත්තලා තියෙනවා. ඒ නිසා ඒ පිරිස්වල අවශ්‍යතාවයක් දැන් නෑ."

පැනපු රාජිතව අල්ලන්න කොමිසමෙන් විමර්ශන

පැනපු රාජිතව අල්ලන්න කොමිසමෙන් විමර්ශන