මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් අත්අඩංගුවට

Report

ශ්‍රී ලංකාවට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය සැපයීමේ නිරත ප්‍රධානතම ජාවාරම්කරුවන් පස්දෙනා අතරින් අයෙකු ලෙස සැලකෙන ‘ශිරාන් බාසික්’ නැමැත්තා ඩුබායි රාජ්‍යයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තාවේ.

පොලිස් මූලාශ්‍රවලට අනුව, මොහු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයන් සමඟ සබඳතා පවත්වමින් දිගු කලක් තිස්සේ ඩුබායිහි මහා ධනවතෙකු ලෙස පෙනී සිටිමින් ඉතා රහසිගතව සැඟව ජීවත් වී ඇත.

නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වෙයි - රටට වෙන්න යන දේ මෙන්න

නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වෙයි - රටට වෙන්න යන දේ මෙන්න

විශේෂයෙන්ම ඉරාන මත්ද්‍රව්‍ය ජාලයන් සමඟ පවතින සෘජු සබඳතා හේතුවෙන් මොහු ඇමෙරිකානු ආරක්ෂක අංශවලට පවා අත්‍යවශ්‍යව සිටි ප්‍රබල සැකකරුවෙකු බව ද අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත්, මෙම ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එරට බලධාරීන් විසින් ශ්‍රී ලංකා රජය හෝ මෙරට ආරක්ෂක අංශ වෙත මේ දක්වා නිල වශයෙන් කිසිදු දැනුම්දීමක් සිදු කර නොමැති බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

අටමස්ථාන හිමියන් තාම අධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා නෑ, - කස්සප හිමි

අටමස්ථාන හිමියන් තාම අධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා නෑ, - කස්සප හිමි

ඉදිරියේදී රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කර සැකකරු මෙරටට ගෙන්වා ගැනීමට අදාළ පියවර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ