නව නීතියක් - පක්ෂ මාරු කළොත් මන්ත්‍රීකම අහෝසියි ?

Report

මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් විසින් සිදු කරනු ලබන දේශපාලන පක්ෂ මාරුකිරීම් වැළැක්වීම සඳහා වන නව පනත් කෙටුම්පතක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සූදානම් වෙයි.

රජයේ නිල කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, මෙම පනත මඟින් පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරය සෘජුවම අහෝසි කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් කෙරෙන බවයි.

පළාත් සභා මැතිවරණට ප්‍රතිපාදන ප්‍රශ්නයක් නෑ මුදල් වෙන් කරලා තියෙන්නේ - මැතිවරණය ඇත්තටම පමා වෙන හේතුව නලින්දගෙන්

පළාත් සභා මැතිවරණට ප්‍රතිපාදන ප්‍රශ්නයක් නෑ මුදල් වෙන් කරලා තියෙන්නේ - මැතිවරණය ඇත්තටම පමා වෙන හේතුව නලින්දගෙන්

අද (26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

මේ අතර, වත්මන් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂය සමඟ එකතු වීමට සූදානම් වන බවට දේශපාලන කරළියේ පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

"විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට ගන්න අපේ කැමැත්තක් හෝ උත්සාහයක් නෑ. ප්‍රාර්ථනා තියෙන්න පුළුවන් නමුත් අපේ කිසිම බලාපොරොත්තුවක් නෑ විපක්ෂයෙන් කිසිම කෙනෙක් ආණ්ඩුවට ගන්න. ඒ විතරක් නෙමෙයි ජනවරමට එරෙහිව පක්ෂ මාරු කරන අය සම්බන්ධයෙන් මන්ත්‍රී ධුර අහෝසි කරන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා."

යළි යළිත් ඇවිලෙන ලංකාවේ ගල් අඟුරු අර්බුදය - ගොඩබෑමට නුසුදුසු තවත් ගල් අඟුරු නැවක් ඇවිත්

යළි යළිත් ඇවිලෙන ලංකාවේ ගල් අඟුරු අර්බුදය - ගොඩබෑමට නුසුදුසු තවත් ගල් අඟුරු නැවක් ඇවිත්