LPL වෙන්දේසියට යන දෙස් විදෙස් ක්‍රීඩකයින් ගණන මෙන්න.

Cricket Sri Lanka Cricket Sri Lanka
By Wayomi Jun 14, 2023 09:40 AM GMT
Wayomi

Wayomi

Report

මේ වන විට ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය කොළඹදී ආරම්භ වී තිබෙනවා.

ඊට දේශීය ක්‍රීඩකයින් 204ක් සහ විදේශීය ක්‍රීඩකයින් 156ක් ලෙස ක්‍රීඩකයින් 360 දෙනෙකු නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

තරඟාවලියේ එක් කණ්ඩායමක් සඳහා විදෙස් ක්‍රීඩකයින් උපරිම 06ක් සහ දේශීය ක්‍රීඩකයින් 18ක් තෝරාගැනීමට නියමිතයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ජූලි මස 31 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.