චෙන්නායි නායකත්වයේ සිදුවුණු වෙනස
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නිත්‍ය නායක ලෙසින් නම්කර සිටි රුතුරාජ් ගයික්වාඩ් ආබාධයකට ලක්වීම හේතුවෙන් IPL තරගාවලියේ ඉදිරි තරග සඳහා කණ්ඩායම් නායකත්වයට එම්. එස්. දෝනි නම්කර ඇත.
මෙවර තරගාවලිය අතරතුරදී ගයික්වාඩ් වැලමිටේ ආබාධකට ලක් වූ අතර, වෛද්‍ය වාර්තා අනුව ඔහුට සමස්ත තරගාවලියෙන්ම ඉවත්වීමට සිදුවේ.
චෙන්නායි කණ්ඩායමට මෙවර තරගාවලියේදී සාර්ථක දස්කම් දැක්වීමට නොහැකි වූ අතර, ඔවුන් ක්‍රීඩාකළ තරග 5න් මේ දක්වා ජයගැනීමට හැකිව ඇත්තේ එක් තරගයක් පමණි.
ඒ හේතුවෙන් ඔවුන් කණ්ඩායම් 10ක් අතරින් 9වන ස්ථානයේදී රැඳී සිටියි.