ශ්‍රී ලංකාව අසළ අඩු පීඩන කලාපය තවදුරටත් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම පද්ධතිය ඉදිරි දින කිහිපය තුළ ආසන්නව උතුරු දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බවයි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහිත තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර, ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකියි.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ දිවයිනේ අනෙකුත් ස්ථානවල පස්වරු 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සහ අම්පාර, මඩකලපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.