අද මුළු කොළඹම රතු පැහැ ගැන්වෙයි..හැමෝම මේ ගැන අවධානයෙන් ඉන්න.
ලෝක ඇල්සයිමර් මාසය වන සැප්තැම්බර් මාසයේ සහ ලබන සැප්තැම්බර් 21 වන දිනට යෙදී ඇති ලෝක ඇල්සයිමර් දිනය නිමිති කර ගනිමින්, විශේෂ අවධානය යොමු කිරීම සඳහා වැඩසටහන් ගණනාවක්ම සංවිධානය කර තිබෙන බව වාර්තා වනවා.
ඒ ජාත්‍යන්තර ඇල්සයිමර් සංවිධානයේ (Alzheimer’s Disease International - ADI) සාමාජිකයකු වන ලංකා ඇල්සයිමර් පදනම (Lanka Alzheimer’s Foundation - LAF) විසින්.
මතක ශක්තිය නැතිවීම සහ අවබෝධය මත කරනු ලබන ක්‍රියාකාරකම් (සංජානනීය) හීනවී යාම ආදී විශේෂිත ඩිමෙන්ෂියා රෝගයක් වන ඇල්සයිමර් රෝගය පිළිබඳව මහජනතාවගේ අවධානය යොමු කිරීම සඳහා මාසයක් පුරා පැවැත්වෙන වැඩසටහන් මාලාවේ ආරම්භක අවස්ථාව අද (01) පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ වෙනුවෙන් අද නෙළුම් කුළුණ රක්ත වර්ණයෙන් එළිදැක්වීමට කටයුතු සැලසුම් කර ඇති බවයි පැවසෙන්නේ.
ඩිමෙන්ෂියා පමා කිරීම හෝ වැළැක්වීම සඳහා ඉතාමත් වැදගත් වන කායික හා මානසික ව්‍යායාම ප්‍රවර්ධනය කරමින්, ලංකා ඇල්සයිමර් පදනම ‘මතකය සඳහා ධාවන තරගය’ යන තේමාව යටතේ කිලෝමීටර 5 ක ධාවන තරගයක් සංවිධානය කර ඇත.
එය කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රය අසලින් සැප්තැම්බර් මස 07 වැනිදා සවස 4.30 ට ආරම්භ කෙරෙන අතර, මීට අමතරව මතක පාගමන 2024 යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන පාගමන සැප්තැම්බර් මස 14 වන දින පෙ.ව. 7.30 ට සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.
ඇල්සයිමර් රෝගය සහ අනෙකුත් ආකාරයේ ඩිමෙන්ෂියා තත්ත්වයන් වයස් මට්ටම වැඩිවීමත් සමඟ බහුලව වර්ධනය වෙන බවයි පැවසෙන්නේ.
කලාපීය වශයෙන් වැඩිම වයස්ගත ජනගහනයක් වේගවත්ව වර්ධනය වී ඇති ශ්‍රී ලංකාව තුළ වර්ෂ 2050 වන විට මිලියන භාගයකට ආසන්න ජනතාවක් ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයෙන් පෙළෙනු ඇති බවට ඇස්තමේන්තු කර තිබෙන බව වාර්තා වනවා.
