අතරමං වුණු පුංචි අලි පැටවා වනජීවි භාරයට
By Mithu
කොට්ටුකච්චිය වෙල් යායේ අතරමංව සිට කුඩා අලි පැටවකු ගම්වාසින් විසින් අල්ලාගෙන අද (09) උදෑසන වනජීවි නිලධාරීන් වෙත භාර දී තිබේ.
මෙලෙස වනජීවි භාරයට ගෙන ඇත්තේ මාස තුනක් පමණ වයසැති කුඩා අලි පැටවකු බව වනජීවි නිලධාරීන් පවසයි.
වනජීවි නිලධාරීන් විසින් අලි පැටවාව නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකයට භාරදීමට කටයුතු කර ඇත. මේ දිනවල පුත්තලම දිස්ත්‍රික්කයේ ගම්වැදුන වල්අලි නැවත වනාන්තර වෙත පලවා හැරීම් සිදුකරන බැවින් එසේ පලවා හරිමින් සිටි අලි රංචුවක අලි පැටවෙකු මෙලෙස අතරමංවී ඇති බව සඳහන් වේ.