ලෝක ආර්ථිකයට වෙන්න යන දේ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනාවරණයක්
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2026 සඳහා ගෝලීය ආර්ථික වර්ධන අපේක්ෂාව පහළ දමා ඇති බව වාර්තා වේ.
මැදපෙරදිග අර්බුදය හේතුවෙන් උද්ධමන පීඩන නැවත ඉහළ යාම සහ ආර්ථික අවිනිශ්චිතතාව වැඩිවීම සඳහා ප්‍රධාන හේතුව ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් ජාතීන්ගේ “World Economic Situation and Prospects” මධ්‍ය වාර්ෂික යාවත්කාලීන වාර්තාවට අනුව, 2026 වසර සඳහා ගෝලීය දළ දේශීය නිෂ්පාදන වර්ධනය 2.5%ක් ලෙස පුරෝකථනය කර ඇත.
එය 2025 වසරේ ඇස්තමේන්තුගත 3.0% වර්ධනයට වඩා පහළ අගයක් වේ.
තවද ජනවාරි මාසයේ පළ කළ පුරෝකථනයට වඩා ද ප්‍රතිශත අංක 0.2කින් අඩු බව වාර්තා වේ .
2027 වසරේදී ගෝලීය ආර්ථිකය 2.8%ක මට්ටමක් දක්වා සුළු ප්‍රකෘතියක් පෙන්නුම් කරනු ඇතැයි අපේක්ෂා කරයි .
ශක්තිමත් ශ්‍රම වෙළෙඳපොළ, පාරිභෝගික ඉල්ලුමේ ස්ථාවරභාවය සහ කෘත්‍රිම බුද්ධිය පදනම් කරගත් වෙළෙඳ හා ආයෝජන වර්ධනය ආර්ථිකයට සහාය දෙනු ඇතැයි
සඳහන් වුවද, සමස්ත ගෝලීය ආර්ථික දැක්ම තවදුරටත් දුර්වල වෙමින් පවතින බව එයින් අවධාරණය කර ඇත.
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ශක්ති ක්ෂේත්‍ර සමාගම්වලට වාසි ලැබී ඇති නමුත්, එය ගෘහස්ථ සහ ව්‍යාපාරික පිරිවැය වැඩි කිරීමට හේතු වී තිබේ.
සංවර්ධිත රටවල උද්ධමනය 2025 වසරේ 2.6% සිට 2026 දී 2.9% දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල එය 4.2% සිට 5.2% දක්වා ඉහළ යා හැකි බව ද සඳහන් ය.
තවද පොහොර සැපයුම් බාධා වීම හේතුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.
එය අස්වැන්න පහළ දැමීමත් සමඟ ආහාර මිල තවදුරටත් ඉහළ යා හැකි බවට අනතුරු අඟවා තිබේ ගෝලීය මූල්‍ය වෙළෙඳපොළ ස්ථාවරව පැවතුණද, උද්ධමන අපේක්ෂාවන් හේතුවෙන් කෙටි කාලීන බැඳුම්කර ලාභ අනුපාත ඉහළ ගොස් ඇත.
වඩාත්ම දැඩි බලපෑමට ලක්ව ඇත්තේ බටහිර ආසියාව වන අතර, එහි ආර්ථික වර්ධනය 3.6% සිට 1.4% දක්වා පහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබේ. යටිතල පහසුකම්, වෙළෙඳ හා සංචාරක ක්ෂේත්‍රවලට සිදුව ඇති හානි ඊට ප්‍රධාන හේතු ලෙස සදහන්ය.
එක්සත් ජනපද ආර්ථිකය ශක්තිමත් ගෘහස්ථ ඉල්ලුම සහ තාක්ෂණික ආයෝජන හේතුවෙන් 2026 දී 2.0%ක වර්ධනයක් සමඟ සාපේක්ෂව ස්ථාවරව පවතිනු ඇතැයි අපේක්ෂා කර ඇත
මේ වනවිට යුරෝපය ආනයනික බලශක්තිය මත දැඩිව රඳා පැවතීම හේතුවෙන් වැඩි අවදානමකට මුහුණ දී තිබේ.
ඒ වගේම යුරෝපා සංගමයේ වර්ධනය 1.5% සිට 1.1% දක්වාත්, බ්‍රිතාන්‍යයේ වර්ධනය 1.4% සිට 0.7% දක්වාත් පහළ යනු ඇතැයි වාර්තාව පෙන්වා දී ඇත
චීනයේ විවිධාංගීකෘත බලශක්ති පද්ධතිය, ප්‍රමාණවත් සංචිත සහ රජයේ සහාය හේතුවෙන් එරට ආර්ථිකය යම් ආරක්ෂාවක් ලබා ඇති අතර, එහි වර්ධනය 5.0% සිට 4.6% දක්වා මන්දගාමී වනු ඇතැයි සඳහන් ය .
ඉන්දියාවේ ආර්ථික වර්ධනය 7.5% සිට 6.4% දක්වා පහළ යා හැක. අප්‍රිකාවේ සාමාන්‍ය වර්ධනය 4.2% සිට 3.9% දක්වා සුළු වශයෙන් අඩුවනු ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පුරෝකථනය කර ඇත.