පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් දරුණු අනතුරක - තුවාලකරුවන් රෝහලේ

Report

යාපනය මුත්තනයිනාර් කෝවිල ආසන්න ප්‍රදේශයේ දී පොලීසිය විසින් නවත්වන ලෙස සංඥා කළද අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් පසුපස හඹා ගොස් ඇත.

එහිදී මෙම මෝටර් රථය දරුණු අනතුරකට ලක්ව, මාර්ගය අසල පිහිටි වෙළඳසැල් දෙකකට කඩා වැදී තිබේ.

මෙම අනතුරින් වෙළඳසැළක් තුළ සිටි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව පොලීසිය පවසයි.

ශ්‍රී ලංකාව ආයේ දුප්පත් නෑ - හිතුවටත් වඩා ආදායමක්

ශ්‍රී ලංකාව ආයේ දුප්පත් නෑ - හිතුවටත් වඩා ආදායමක්

මෝටර් රථයේ වේගය පාලනය කරගත නොහැකිව අනතුර සිදුවී ඇති බවත්, රියදුරු අත්අඩංගුවට ගෙන මූලික පරීක්ෂණවලදී ඔහු බීමතින් රිය ධාවනය කර ඇති බව අනාවරණයවී ඇත.

සැකකරු යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් මානිප්පායි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

හෙට 9.25 සිට දිවයින පුරා විශේෂ වැඩක්

හෙට 9.25 සිට දිවයින පුරා විශේෂ වැඩක්