කටුනායක අධිවේගයේ ගමන් කරන අයට විශේෂ දැනුම්දීමක්
අධික වර්ෂාපතනය හේතුවෙන් කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුව ආශ්‍රිතව අද (22) උදෑසන සිට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වේ.
වර්ෂාවත් සමඟ මාර්ගවල ජලය රැඳී පැවතීම සහ වාහන ගමනාගමනය මන්දගාමී වීම මෙම තදබදයට හේතු වී ඇති බව සඳහන් වේ.
ඒ හේතුවෙන් පෑලියගොඩ පිටවීමේ දොරටුවෙන් කොළඹ දෙසට සහ අවට මාර්ග කිහිපයක වාහන දිගු පෝලිම් නිර්මාණය වී ඇති බව ද වාර්තා වෙයි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් රථවාහන ගමනාගමනය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා පොලිස් රථවාහන අංශ නිලධාරීන් අදාළ ස්ථානවලට යොදවා ඇති අතර, තදබදය අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව පොලිසිය සඳහන් කළේය.
එමෙන්ම පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද උදෑසන කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල ප්‍රධාන මාර්ග රැසකද රථවාහන තදබදයක් වාර්තා වූ බව වාර්තාකරුවන් පැවසීය.
අධික වර්ෂාව පවතින බැවින් රියදුරන්ට ප්‍රවේශමෙන් රිය ධාවනය කරන ලෙසත්, ගමන් සඳහා අමතර කාලයක් වෙන්කර ගන්නා ලෙසත් බලධාරීන් ඉල්ලීමක් කර තිබේ.