ලොහාන් ගැන ඉදිරියේදී ගන්න යන තීරණය මෙන්න...
රාජ්‍ය ඇමති ලොහාන් ගැන සාගර කියන කතාව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරු සුබසාධන රාජ්‍ය ඇමැතිධුරයෙන් ඉල්ලා අස් වූ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියාමාර්ග ගන්නේ ද නැද්ද යන්න පිළිබඳව පක්ෂ නායක අගමැති මහින්ද රාජපක්ෂ මෙරටට පැමිණි පසු තීරණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසීය.
මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ මන්ත්‍රීවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නේ ද යන්න පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු වශයෙනි.
තමන් කළ වැරැද්ද පිළිගෙන ඒ මහතා රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් වීම පක්ෂයක් වශයෙන් අගය කරන බවත් මේ දිනවල විදෙස්ගතව සිටින අගමැතිවරයා පැමිණි පසු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය වනු ඇති බවත් මහලේකම්වරයා කීවේය.
අනුරාධපුර බන්ධනාගාරයේ CCTV දර්ශණ මකා දැමීම සදහා විශාල උත්සාහයක් දරමින් ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව කියයි. එහි සභාපති නීතීඥ සේනක පෙරේරා මහතා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව පැවසීය.
ඇමතිවරයෙක් බීමතින් බන්ධනාගාරයට ඇතුළු වි සිරකරුවන්ට පීඩා කරද්දී බන්ධනාගාර නිලධාරීන් තම වගකීම් පැහැර හැර ඇති බවත් ඇමතිවරයාගේ හැසිරීමට ඔවුන් විශාල ඉඩකඩක් දී ඇති බවත් ඔහු පැවසීය.
සිදුවීම ගැන පරීක්‍ෂණයක් සිදු කිරීම සදහා ස්වාධීන අපක්‍ෂපාති මණ්ඩලයක් පත් කල යුතු බවත් ගිනි අවියක් රැගෙන බන්ධනාගාරය තුලට යාම හේතුවෙන් ඇමතිවරයා අත්අඩංගුවට ගත් යුතු බවත් ඔහු කියා සිටියේය.
මේ අතර බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරු සුභසාධන අමාත්‍ය ලොහාන් රත්වත්තේ බීමතින් අනුරාධපුර බන්ධනාගාරයේ දී ඇතිකරගත් සිද්ධිය සම්බන්ධයෙන් එම බන්ධනාගාරයේ මේ වන විට රඳවා සිටින එල් ටී ටී ඊ සැකකරුවන් පිරිසක් අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙත ලිඛිත දැනුම් දීමක් කර තිබෙනවා.
ඒ ඔස්සේ ඔවුන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙතින් තමන් මුහුණ පා ඇති අනාරක්ෂිත තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා හදිසි හමුවක් ඉල්ලා ඇති අතර අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ හෙට දහවල් කාලයේ දී ක්‍රීඩා අමාත්‍යවරයා එම එල්.ටී.ටී.ඊ රැඳවියන් හමුවීමට නියමිත බවයි.
පසුගිය දිනක අනුරාධපුර බන්ධනාගාරයට බීමතින් පැමිණි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ලොහාන් රත්වත්තේ එහි රඳවා සිටී එල්.ටී.ටී.ඊ සැකකරුවන් දෙදෙනකු තමන් ඉදිරියට කැඳවා ඔවුන් දණගස්වා ඔවුන්ගේ හිසට පිස්තෝලය එල්ල කර තර්ජනය කළ බව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් ට්විටර් පණිවුඩයක් ඔස්සේ දන්වා තිබුණා.
මේ සමග මතුවූ දේශපාලන අර්බුදකාරි තත්වය සමනය කිරීම සඳහා ඉතාලියේ සංචාරයක නිරත අග්‍රාමාත්‍යවරයාට පෞද්ගලිකව මැදිහත් වීමට සිදු වූ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අමාත්‍ය ලොහාන් රත්වත්තේ අමතා වහාම තනතුරෙන් ඉල්ලා අස්වන ලෙසට දැනුම් දුන්නා.
ඒ අනුව අමාත්‍ය ලොහාන් රත්වත්තේ තමන් දරන බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරු සුබසාධන අමාත්‍යධූරයෙන් පමණක් ඉල්ලා අස් වූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එම ඉල්ලා අස්වීම භාර ගෙන තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |