ලොහාන් එක්ක එල්ලුම් ගහ බලන්න ගියේ රූ රැජිනක් නොවේ.. නිළියක්..

actress Lohan Rathvaththa Walikadha prison Thushara upuldheniya
By Sewvandhi Sep 15, 2021 05:20 PM GMT
Sewvandhi

Sewvandhi

Report

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පසුගියදා වැලිකඩ බන්ධනාගාරයට ගොස් එහි එල්ලුම්ගස බැලීම සඳහා එක් වූ පිරිස අතර විවාහක රූ රැජනක් සිටි බවට වාර්තා විය.

නමුත් දැන් වාර්තා වන්නේ එසේ එක්ව සිටියේ විවාහක රූ රැජිනක් නොවන බවයි. එම අවස්ථාවේ ඔහු සමග එක්ව සිටියේ රංගන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිනියක් යයිද වාර්තා වේ.

මේ අතර,ඕනෑම අවස්ථාවක බන්ධනාගාරය තුළට පැමිණීමට සහ සිරකරුවන් සමඟ සාකච්ඡා කිරීමට විෂය භාර අමාත්‍යවරයා ට හැකියාව ඇතැයි බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාරයට බීමතින් ඇතුළු වී ගිනි අවියක් සමග හැසුරුණේ යයි පළ වන වාර්තා ගැන විමසූ විට ඔහු කියා සිටියේ මාධ්‍ය වල වාර්තා වන ආකාරයේ සිදු වීමක් එදින සිදුව නැති බවයි.

අදාල දිනයේදී විෂය භාර රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා තම කාර්ය මණ්ඩලය පිරිසක් සමග වැලිකඩ බන්ධනාගාරයට පැමිණ සිර දීර්ඝ කාලීන සිරදඬුවම් විඳින සිරකරුවන් සමඟ ඔවුන්ගේ සමාවන් පිළිබඳ සාකච්ඡා කරන ලද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් අදාල සිදුවීම්වල වගකීම බාරගෙන ලොහොන් රත්වත්තේ මහතා බන්ධනාගාර කලමණාකර හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය.

-------------------------------------------------------------

ජනපතිට ප්‍රබල චෝදනාවක්-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now