තවත් සති 02 කින් ඇඳිරි නීතිය දීර්ඝ කරන බවට රහසක් එළියට එයි..හේතුව මෙන්න.

Curfew Sri Lanka Lock down Ranil wickramasinghe Ajith niwad kabral
By Aruna Sep 27, 2021 01:19 AM GMT
Aruna

Aruna

Report

ඩීසල් ආනයනය සඳහා මුදල් ගෙවීමට තිබූ අපහසුතා හේතුවෙන් ආණ්ඩුව ලොක්ඩවුන් රෙගුලාසි ලිහිල් කිරීමට ප්‍රමාද වූ බව තමන්ට දැනගන්නට ලැබුණු බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මුදල් ගෙවූවද ලබන ඔක්තෝම්බර් පළවනදා වන විට රටට ඩීසල් නොලැබුණොත් යළිත් ලොක්ඩවුන් රෙගුලාසි කාල සීමාව දීර්ඝ කිරීමට සිදුවන බවයි එක්සත් ජාතික පක්ෂ නායකයා පෙන්වා දුන්නේ.

ඒ අනුව ලබන මස මැද දක්වා ලොක්ඩවුන් රෙගුලාසි දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවටද ඔහු අවධාරණය කළා.

එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අන්තර්ජාලය ඔස්සේ පැවති සාකච්ඡාවකට එක් වෙමින්.

කේසේ වෙතත් ඉදිරි මාස 03 සඳහා ද ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය වෙළඳපොලට මුදා හැරීමට කටයුතු කරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

මහ බැංකු අධිපතිවරයා ඒ බව සඳහන් කළේ අන්තර්ජාලය ඔස්සේ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.

මේ අතර ඔක්තෝම්බර් පළමුවැනිදා සිට රට විවෘත කළද සීමාවන් රැසක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ.

පෙර පරිදිම රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා නිරෝධායන ඇදැරි නීතිය පැනවීම මේ අනුව දිගටම සිදු වනු ඇත.

1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්ද නිකුත් කිරීමට නියමිත අතර විවහා මංගල උත්සව, අවමගල්‍ය උත්සව සහ ජනතාව එක්විය හැකි ක්‍රියා කාරකම් රැසකට ඉන් දැඩි සීමා පැනවෙනු ඇත.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අවසන් තීරණය සැප්තැම්බර් 30 වනදා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹක්වැල්ල මහතා පැවසීය.

ලබන මස 01 දා සීමා සහිතව රට විවෘත කිරීමට සූදානම් බැවින් සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදින්නැයි සෞඛ්‍ය අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලයි.

එසේ කිරීමෙන් කොවිඩ් වසංගතය සාර්ථකව පාලනය කිරීමට හැකි වන බව ඔහු පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha