වසර දෙකකට පසු තමා ළගට පුතු ආපු සතුටට ලෝචනා ඉමාෂි තැබූ ආදරණීය සටහන (PHOTOS)

acctress gossio Lochana
By Sithumi Feb 28, 2022 06:36 PM GMT
Sithumi

Sithumi

Report

ලෝචනා ඉමාෂි කියලා කියන්නේ පුංචි තිරයේත් රිදී තිරයේත් දස්කම් පාන කටකාර හැඩකාර රුවැත්තියක්. ප්‍රේක්ෂක ජනාදරයට නිරන්තරවම පාත්‍ර වන ඇය, විවිධ චරිත ඔස්සේ ඉතා දක්ෂ ලෙස ඇගේ රංගනය දිගහැර දක්වන්නේ ඇයටම ආවේණික වූ රංගන විලාශයකින්.ඒ වගේම තමයි ඇය music videos ඔස්සේ ද රසිකයාගේ හදවත දිනා ගැනීමට සමත් වුණා.

රංගන ශිල්පිනියකගේ වෘත්තියට අමතරව මෝස්තර නිරූපිකාවක් විදිහටත් රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහටත් අපිට ඇයව හඳුනාගන්නට පුළුවන්. ඇය රංගන ක්ෂේත්‍රය තුළ බොහෝ නිර්මාණ සඳහා සිය රංගන දායකත්වය ලබා දුන්නා ඒ අතරින් ගින්දරී , අබිනික්මන නම් සිනමාපට අතිශයින් ප්‍රේක්ෂක ආදරය දිනාගැනීමට සමත්වූ අතර ම ඇය රංගනයෙන් දායක වූ සංසාර සිහිනයේ ටෙලි නාට්‍යයේ අනුත්තරා කියන චරිතය ඇයගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් ද වුණා.

මේ වන විට ඇය රිදී තිරයේත් පුංචි තිරයේත් වැඩිය දක්නට ලැබෙන්නේ නැහැ. ඒ ඇය මේ වන විට විවාහ වී සැමියා සමග නෙදර්ලන්තයේ පදිංචි වී සිටින නිසයි. මේ වන විට ආදරණීය පුතෙක් ගේ මවක් වන ලෝචනා පසුගිය දවස් වල පවුලේ උදවිය නැතිව ලංකාවේ කාලය ගතකල බව ඔබ අප කවුරුත් දන්නා කරුණක්. ඒ මේ පවතින ගෝලීය වසංගතය නිසා ඇයට විදෙස්ගතව සිටින තම නිවැසියන් සමඟ කාලය ගත කිරීමට නොහැකි වූ නිසයි. ඉතින් ඊයේ දිනය ඇගේ ජීවිතය සුවිශේෂී අවස්ථාවක් වුණා

. ඒ ඇයගේ ආදරණීය පුතණුවන් ඇය සමග ජීවත් වීමට ලංකාවට පැමිණීම නිසයි. ඉතින් මේ සතුටුදායක අවස්ථාව වෙනුවෙන් ඇය අපූරු ආදරණීය සටහනක් එකතු කරලා තිබුණා. ඒ මේ විදියට, “My son is the best I have ever received He is the sunshine in my day the joy in my soul And the love of my life ඔයා ලග නැතිව කොච්චර කාලයක් ගියාද කියල දන්නේ නැහැ.

නමුත් අද ඉදල ජිවත් වෙනව කියල දැනෙයි.ඔන්න බබා ආවා” මේ විදිහට තමයි ඇය සටහන් කරලා තිබුණේ. ඉතිං ඇයට හැමදාමත් ඇයගේ දරුවා සමග සතුටින් සිටීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරන අතරම ඇයගේ ඉදිරි අනාගත බලාපොරොත්තු සියල්ලම සාර්ථක වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha