යුද අපරාධ, ඩයස්පෝරා කුමන්ත්‍රණ සහ රාජපක්ෂලාගේ කිඹුල් කඳුළු!

Shavendra Silva Sri Lanka Army Sarath Fonseka Sinhala news
By Wayomi Mar 25, 2025 04:16 PM GMT
Wayomi

Wayomi

Report

තිස් වසරක කුරිරු ඊලාම් යුද්ධයේ අතුරු ප්‍රතිඵල වලින් යළිත් වතාවක් රට ඇවිලී තිබේ. ඒ, ඊයේ මහා බ්‍රිතාන්‍ය රජය විසින් මෙරට මුල්පෙළේ යුධ විරුවන් තිදෙනෙකුට සහ හමුදාවට එරෙහිව යුධ වැදී පසුව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ධාරාවට එක් වූ LTTE ඉදිරිපෙළ නායකයෙකුට එරෙහිව සම්බාධක පැනවීමත් සමගයි.

මේ පිළිබඳ නිල නිවේදනය නිකුත් කරමින් එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමී ඊයේ ප්‍රකාශ කොට සිටියේ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය යන ඉහළ හමුදා නිලධාරීන්ටත්, LTTE ඉදිරිපෙළ නායකයෙකුව සිට පසුව රජයේ පාර්ශ්වයට එක් වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ටත් එරෙහිව, නීති විරෝධී ඝාතන, වධහිංසා සහ ලිංගික ප්‍රචණ්ඩත්වය යන චෝදනා මුල් කොට ගනිමින් මෙසේ සම්බාධක පැනවෙන බවයි.

මෙම සම්බාධක වලට සංචාරක තහනමක් සහ ඔවුන් සතුව තිබෙන එම රටවල දේපළ තහනම් කිරීමක් ඇතුළත්ය.

ඉන්දු-පැසිෆික් කලාපය සඳහා එක්සත් රාජධානියේ අමාත්‍යවරිය වන කැතරින් වෙස්ට් ඉකුත් ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ කළ සංචාරයකදී ජනපති අනුර කුමාර දිසානායක, විදේශ අමාත්‍ය විජිත හේරත් හා උතුරේ දෙමළ දේශපාලන නායකයින් මෙන්ම සිවිල් සමාජ සංවිධාන ද හමුවූ අතර සංක්‍රාන්ති යුක්තිය සහ වගවීමේ යාන්ත්‍රණයන්හි අවශ්‍යතාවය පිළිබඳව එහිදී සාකච්ඡා පැවැත්විණි. වත්මනෙහි බ්‍රිතාන්‍ය රජය විසින් මෙසේ පැනවෙන සම්බාධක එම සාකච්ඡාවන්හි දිගුවක් වන්නට ඉඩ ඇතැයි දෙස් විදෙස් දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

අපි සේවකයන්ට බෝනස් දෙන එක නවත්තන්නේ නෑ - අවුරුද්දට රුපියල් 5000කම දෙනවා

අපි සේවකයන්ට බෝනස් දෙන එක නවත්තන්නේ නෑ - අවුරුද්දට රුපියල් 5000කම දෙනවා

"ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේදී බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයින්ට එරෙහිව සම්බාධක පැනවීමේ නිවේදනය සම්බන්ධයෙන් තමා ඉතා සතුටට පත් වන බව" ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රිනී උමා කුමරන් සිය X ගිණුමෙහි සටහනක් තබමින් කියා තිබේ.

යුද අපරාධ, ඩයස්පෝරා කුමන්ත්‍රණ සහ රාජපක්ෂලාගේ කිඹුල් කඳුළු! | K Imposes Sanctions On Shavendra Silva And Others

කෙසේ වෙතත්, මෙම සම්බාධක පැණවීම ඉමහත් ආන්දෝලනයට තුඩු දෙන සහ බරපතල කාරණයක් වන්නේ මෙය හුදු පුද්ගලයන් මත කෙරෙන සම්බාධක පැනවීමක් පමණක් නොව සමස්ත රාජ්‍යය කෙරෙහිම සිදු වන තර්ජනාත්ම බලපෑමක් වන බැවිනි. එහෙත් වත්මන් රජය මෙතෙක් මේ සම්බන්ධව කිසිදු අයුරකින් සිය ස්ථාවරය ප්‍රකාශ කොට නොතිබීමද විශේෂත්වයකි.

එහෙත්, මෙම කරුණ සම්බන්ධයෙන් වෙනත් පාර්ශ්ව විවිධ අයුරින් අදහස් පළ කරමින් සිටින අතර අද දින උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා සහ විමල් වීරවංශ හිටපු මන්ත්‍රීවරයා පළ කළ අදහස් පහතින් දැක්වේ.

Read Top Trending News

රාජ්‍ය සේවකයන්ට මෙන්න සතුටු හිතෙන ආරංචියක්

රාජ්‍ය සේවකයන්ට මෙන්න සතුටු හිතෙන ආරංචියක්

මේ අතර යුධ ජයග්‍රහණයේ දේශපාලන වීරයා ලෙස දේශපාලන කරලියේ අරුත් ගැන්වෙන හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද දින සිදු කළ ප්‍රකාශයද සුවිශේෂී වෙයි.

සිංහල, දමිළ දෙපාර්ශ්වයේම මහා ජන සංහාරයකට තුඩු දෙමින් තිස් වසරක් පුරා ඇදී ගිය ඊළාම් සිවිල් යුද්ධය ඒ මුලුමහත් කාලය පුරාද ඉන් පසුවද දේශපාලන වේදිකාවන්හි වැදගත් සාධකයක් වූ බව මෙහිලා සඳහන් කළ යුතුමය. එසේම ත්‍රස්තවාදය අවසන් කරන්නට පිළිණ දුන් බොහෝ දේශපාලකයින් අනෙක් අතින් ත්‍රස්තවාදය පෝෂණය කරන්නටද උඩගෙඩි දුන් බව පාඨක ඔබටත්, මටත් රහසක් නොවේ. වත්මනෙහි උද්ගත වන මේ තත්වයද එබඳුම දේශපාලන වාසි ලබා ගන්නා තවත් එක් කාරණයක් බවට මේ මොහොතේ හැරෙමින් තිබෙන බවත් අමතක නොකරමින් මේ සටහනෙහි ඉදිරිය කියවන්න.

විහාරය තුලම භික්ෂුවකට කළ අපරාධය (VIDEO)

විහාරය තුලම භික්ෂුවකට කළ අපරාධය (VIDEO)

රාජපක්ෂ - යුධ වීරයාගෙන් ද්‍රෝහියාට!

ශ්‍රී ලංකාව වෙලාගත් යුධ ගිනිදැල් නිවාදැමීමේ මෙහෙවරෙහි වඩාත් සුවිශේෂී මෙහෙවර ඉටු කරනු ලැබුවේ ත්‍රස්තවාදීන් සමග මුහුණට මුහුණ ගැටෙමින් දිවි පරදුවට තැබූ සහ දිවි කැප කළ හමුදා සොල්දාදුවන් බව මුලින්ම අවධාරණය කළ යුතුමය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග යුද්ධය අවසන් කිරීම සඳහා දැඩි වෙහෙසක් දැරූ නමුත් ඇයගේ ධුර කාලය තුළ ඇයට එම ඉලක්කය සපුරා ගැනීමට හැකිවූයේ නැත. එහෙත්, දිගු දුර මෙහෙයුම් බලකා නිර්මාණය කරමින්, සන්නද්ධ බුද්ධි අංශය ශක්තිමත් කරමින් ඇය සිදු කළ කැපවීම ලඝු කොට තැබිය නොහැකිය. එසේම, කරුණා අම්මාන් LTTE සංවිධානයෙක් විරසක කිරීමේ මෙහෙයුම මුලින්ම ඇරඹුණේ ඇගේ මූලිකත්වයෙන් බවටද සමහර යුධ විශේෂඥයෝ මත පළ කරති.

ඇගෙන් පසු බලයට පැමිණෙන මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කිරීම සඳහා දේශපාලන නායකත්වය ලබා දෙන්නේ, පෙර පැවති පාලනය විසින් දමන ලද අඩිතාලම මත සිටගනිමින් බව පිළිගැනීමට රාජපක්ෂලා තවමත් මැලිකමක් දක්වති. එසේම හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වෙත යුධ ජයග්‍රහණ ගෞරවයේ ඔහුගේ පංගුව ප්‍රදානය කිරීමටද රාජපක්ෂලා එකඟ වූයේ නැත.

ඒ වෙනුවට ඔවුන් සිදු කළේ ඔවුන්ගේ දේශපාලන නායකත්වය යටතේ යුද්ධය ජයග්‍රහණය කරා මෙහෙයවූ මහ සෙනෙවියා විවිධ චෝදනා නගමින් සිරගත කිරීමයි. ඒ සඳහා මුල්වූ දේශපාලන බෙදීම් සහ හැලහැප්පීම් මොනවාදැයි මේ මොහොතේ ඔබට මතක් කළ යුතු නැතැයි සිතමි.

අනෙක් අතට සම්බාධක වැටුණු ශවේන්ද්‍රලා, කරන්නාගොඩලා ගැන දුක් වන අතරම අරන්තලාව භික්ෂු ඝාතනය වැනි අමානුෂික සමූලඝාතන වලට මුල් වූ කරුණා අම්මාන් පිළිබඳ ඔවුන් මුනිවත රැකීම එක්තරා ආකාරයකට විසුළු සහගතය. මක්නිසාද යත් එක්තරා කාලයක රාජපක්ෂලා සහ කරුණා - පිල්ලෙයාන්ලා කරට අත දාගෙන සිටි යුගයද අපට අමතක නැති බැවිනි.

එසේම මේ වන විට කාටත් අමතකව සිටින ප්‍රභාකරන්ටත් ඉහළින් සිටි LTTE ප්‍රභලයා කුමරන් පද්මනාභන් නොහොත් KP සිටින්නේ කොහේදැයි යන කාරණයද ප්‍රශ්නගත බැව් මතක් කර සිටිනු කැමැත්තෙමි.

එස්. වියාලේන්ද්‍රන් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට...

එස්. වියාලේන්ද්‍රන් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට...

කරුණු සියල්ල මෙසේ සැකෙවින් ගත් කළ ළඟ එන පුංචි මැතිවරණයට මෙන්ම අනාගත රාජපක්ෂගේ ගමනට රුකුලක් කරගැනීම සඳහා අඳිමින් සිටින "කොටි නැගිටින, ජිනීවා විදුලි පුටු, ඩයස්පෝරා නාටකයේ" එක් අදියරක් ලෙස මෙම කරුණ ඔවුන් සිය දේශපාලන වාසි සඳහා යොදා ගනී නම්, අප පොදුජනතාව වශයෙන් එම උත්සාහය පිළිකුල් සහගත ලෙස බැහැර කළ යුතු බවද අවධාරණය කරමු. මක් නිසාද යත් ගෙවී ගිය තිස් වසර පුරා වැඩි වැඩියෙන් දේශයට අහිමි වී ගියේ ඔබත් මමත් බඳු පොදු ජනතාව අතර සිටින අහිංසක මිනිසුන්ගේ ජීවිත වන බැවිනි.

එසේම, වත්මන් රජය මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් මෙතෙක් දක්වා නොතිබීමද ප්‍රශ්නගතය. එහෙත්, ඊට ආසන්නතම හේතු කාරණා කවරේදැයි අනුමාන කළ හැකිය. ඒ පිළිබඳ අපි ඉදිරි ලිපියකින් සාකච්ඡා කරමු.



ReeCha