විහාරය තුලම භික්ෂුවකට කළ අපරාධය (VIDEO)

Police spokesman Sri Lanka Police Anuradhapura Crime Sinhala news
By Akash Mar 25, 2025 01:17 PM GMT
Akash

Akash

Report

එප්පාවල පොලිස් වසමේ කිරලෝගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසූ ස්වාමීන් වහන්සේ නමක් එම විහාරස්ථානය තුළදීම ඝාතනය කර තිබියදී උන්වහන්සේගේ දේහය අද (25) පස්වරුවේ සොයා ගත් බව එප්පාවල පොලීසිය පවසයි.

උන්වහන්සේගේ දේහය නරක් වී තිබීම හේතුවෙන් මෙම ඝාතනය මී⁣ට දින කීපයකට පෙර සිදු වන්නට ඇතැයි පොලීසිය සැක පල කරයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එප්පාවල කිරලෝගම රුක්සෙවන අසපුවේ විහාරාධිපති ලෙස වැඩ විසු පූජ්‍ය විලච්චියේ ප්‍රේමරතන හිමියි. උන්වහන්සේ මෙම විහාරස්ථානයේ තනිව වැඩවාසය කරන බවත්, ගම්මානයේ ජනතාව සමග ඇසුරක් නොමැති බවත් ප්‍රදේශවාසීන් පවසති.

අද (25) පස්වරුවේ වෙනත් විහාරස්ථානයක ස්වාමීන් වහන්සේනමක් මෙම අසපුවට පැමිණි අවස්ථාවේදී විහාරාධිපති හිමියන් සංඝාවාසය ඉදිරිපිට පුටුවක් මත මිය ගොස් සිටිනු දැක ඒ පිළිබදව ගම්වාසීන් හරහා ග්‍රාමසේවක මහතා දැනුම්වත් කර එප්පාවල පොලීසියට පැමිණිලි කර ඇත.

එස්. වියාලේන්ද්‍රන් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට...

එස්. වියාලේන්ද්‍රන් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට...

ඒ අනුව එප්පාවග පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. ඝාතනය වූ බවට සැක කරන විහාරාධිපති හිමියන්ගේ හැදුනුම්පත ඇතුළු වටිනා ලිපි ලේඛණ කීපයක්ද විහාරස්තානයට කිලෝ මීටර 02 ක් පමණ දුරින් පිහිටි තලාව එප්පාවල ප්‍රධාන මාර්ගයේ පලුගස්වැව ප්‍රදේශයේ මාර්ගය අසල විසි කර දමා ගොස් තිබියදී පොලීසිය සොයා ගෙන ඇති අතර ස්වාමීන්වහන්සේට අයත් විහාරස්තානයේ තිබූ ත්‍රී රෝද රථයද මේ වන විට අස්තානගත ව ඇතැයි පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන එප්පාවල පොලීසිය සිදු කරක අතර, ස්ථානීය පරීක්ෂණ තඹුත්තේගම මහේස්ත්‍රාත්තුමන් විසින් සිදු කිරීමට නියමිතය.

හිටපු හමුදා ප්‍රධානීන් ආරක්ෂා කරන්න දඟලන මෛත්‍රීපාල

හිටපු හමුදා ප්‍රධානීන් ආරක්ෂා කරන්න දඟලන මෛත්‍රීපාල


ReeCha