බබාගේ බේබි ක්‍රීම් එකම තමයි මමත් ගාන්නේ’ ජනප්‍රිය නිලි ලෝචනා කියන කතාව (PHOTOS)

srilanka Lochana imashi srilankan acctress
By Sithumi Nov 07, 2021 05:56 PM GMT
Sithumi

Sithumi

Report

ලෝචනා ඉමාෂි, නම කියන විටම මතක් වෙන සුන්දර හිනාවක් හිමි සුන්දර රංගන ශිල්පිනියක්. බිරිඳක් මවක් වන ලෝචි සුන්දරත්වය අතින්නම් තවමත් තරුණයි. ඉතින් අද ලස්සන ගැන කතාකරන්න අපි තෝරගත්තේ ලෝචි. ඇත්තටම හැමදාම එක වගේ ලස්සනට ඉන්න ලෝචි කරන්නේ මොන වගේ දේවල්ද?

“අපි මැරෙනතුරාවට අපි ලස්සනට ඉන්න ඕන. මම හිතන්නේ එහෙම. මම ගොඩක් වෙලාවට විදේශගත වෙන කෙනෙක්. හැබැයි මම මගේ ගොඩක් ආලේපන පාවිච්චි කරන්නේ දේශිය දේවල්. මට උපතින්ම තියෙන්නේ වියලි සමක්. ඒ නිසා මම නිතරම වතුර බොනවා. අලුත් එළවළු පළතුරු ජුස් වර්ග ⁣ගන්නවා. මොකද එතකොට තෙතමය සම තුළ රැදෙනවා. ගෙදර විවේකයක් ලැබුනොත් කෝමාරිකා මද මුහුණේ ගානවා.

සම සුදු වෙන්නනම් මම විවිධ ක්‍රිම් ගාන්නේ නෑ. පොඩි කාලේ ඉදන්ම බේබි ක්‍රිම් තමා ගෑවේ. අදටත් බබාගේ ක්‍රිම් ගානවා. විශේෂයෙන්ම මම ගොටුකොළ සම්බෝල නිතර ආහාරයට ගන්නවා.” ශරිර හැඩය පවත්වගන්න මොකද කරන්නේ. “අලුතින් මට ව්‍යායාම් ඕනියි කියලා මම හිතන්නේ නෑ. මොකද දරුවා එක්ක මුළු දවසම එහෙට මෙහෙට දුවද්දි ඕනිවටත් වඩා මගේ කැලරි දහනය වෙලා ශරිර හැඩට වර්ධනය වෙනවා කියන්න දන්නවා.

” බිරිඳ ලස්සන වුනාම පවුල් ජිවිතේ සාර්ථක වෙනවද, ”එහෙම කතාවක් කොතනකවත් නෑ. පවුල් ජිවිතයක් සාර්ථක වෙන්නේ ගැහැණියකගේ කැපවීම, ඉවසීම, අරපිරිමැස්ම, අවංකකම වගේම පිරිසිදුකම මත. මොකද ලස්සන තිබුනා කියලා විතරක් පවුල් ජිවිතේ ලස්සනව ගෙවන්න බෑ. මුහුණ විතරක් සුදු වුනහම ඇතිද, “නෑ හදවතයි ලස්සන වෙන්න ඕනි. අද පි⁣ට රූපය ලස්සන ගොඩක් අයගේ ඇතුළත හිත ලස්සන නෑ. අපේ සිතුවිලි ලස්සන වුනොත් අපේ හිත ලස්සන වෙනවා.

අපේ හිත ලස්සන වුනොත් අපිටත් නොදැනිම අපේ පෙනුම ලස්සන වෙනවා. මොකද අපි සංසාරේ කරපු පින් පව් අනුව තමා අපිට රූපයක් කියන දේ හිමි වෙලා තියෙන්නේ.” ලෝචි හිතන විදිහට ලස්සල විතරක් ඇතිද ජිවිතේ ඉස්සරහට යන්න,” 

ඒක එක එක පුද්ගලයාට වෙනස්. මොකද සමහරු ලස්සන නිසාම ජිවිතේ ඉස්සරහට යද්දි සමහරු ලස්සන නිසාම ජිවිතේ විනාස කරගන්නවා. රූපය කියන්නේ ජිවිතේ ඉස්සරහට යන්න එකම එක නිර්ණායකයක් විතරයි.” ඔයාලා හැමෝම ආදරේ කරන ලොචිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ

GalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha