කොවිඩ් ආසාදිතයන්ට දේශීය ඖෂධ නිර්දේශ කරයි.

By Wayomi Jan 24, 2023 04:49 AM GMT
Report

චීනයේ බටහිර ෂින්ජියැන්ග් ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා.

ඒ හේතුවෙන් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා සාම්ප්‍රදායික උයිගර් වෛද්‍ය විද්‍යාව අනුව ප්‍රතිකාර කරන ලෙස එම ප්‍රදේශයේ ඉහළම රාජ්‍ය නිලධාරියා රෝහල්වලින් ඉල්ලීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය වර්තබ් කරනවා.

ඔවුන් විශ්වාස කරන්නේ, වසර 2,500 කට වඩා පැරණි පුරාණ ග්‍රීක-රෝම, ඊජිප්තු, අරාබි සහ ඉන්දියානු වෛද්‍ය විද්‍යාව මිශ්‍ර කරන ලද ප්‍රතිකාරවලින් කොවිඩ් රෝගීන් සුවපත් කළ හැකි බවයි.

ෂින්ජියැං ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ ලේකම් Ma Xingrui මා ෂින්ග්රුයි පසුගියදා සම්මන්ත්‍රණයකට එක්වෙමින් සඳහන් කර ඇත්තේ මේ දරුණු වෛරසයට එරෙහිව සටන් කිරීමට සාම්ප්‍රදායික චීන සහ උයිගර් ප්‍රතිකාර මෙන්ම ආයුර්වේද ඖෂධවලින් ප්‍රයෝජන ගත යුතු බවය.

ශාක පදනම් කරගත් අමුද්‍රව්‍ය භාවිත කරමින් සාම්ප්‍රදායික උයිගර් වෛද්‍ය විද්‍යාව අනුව පෙති, සිරප් වැනි ඖෂධ සමේ රෝග, මුත්‍රා ආසාදිත රෝග, ආහාර ජීර්ණ ගැටලු සහ ශ්වසන ආසාදන ඇතුළු විවිධ රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කර කරනු ලබනවා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW