මෙවර මැතිවරණයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත - ජනපති
මෙවර පළාත් පාලන මැතිවරණයේදී සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක් දියත් කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ අනුව එම මැතිවරණ ව්‍යාපාරයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇති බවට දැඩි විශ්වාසයක් පවතින බවයි අද (06) ඡන්දය භාවිතා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
මෙරට දේශපාලනයේ අලුත් සංස්කෘතියක් නිර්මාණය වී ඇති බවද, ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ජනතාව ජයග්‍රහණය සාමකාමීව සැමරීමට කටයුතු කළ බවද, එය ඉතා වැදගත් බවද ජනාධිපතිවරයා ප්‍ර්‍රකාශ කළා.
ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී කටයුතු කළ අයුරින්ම, පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ද කටයුතු කරනු ඇති බවට බලාපොරොත්තු වන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කර සිටියේ.