ලිට්‍රෝ ගෑස් මිළ හදිස්සියේම ඉහළ යන ලකුණු...

Litro Gas Litro Gas Price
By Sithumi Jan 23, 2023 12:39 PM GMT
Sithumi

Sithumi

Report

ලිට්‍රෝ ගෑස් මිල ලබන පෙබරවාරි මස මුල සතියේ රුපියල් 500කට වැඩි මුදලකින් ඉහළ යන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කර තිබෙනවා.

  එමෙන්ම ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 500ත් 750ත් අතර මිලකින් ඉහළ යන බවත් එම මිල ඉහළ යෑමට සාපේක්‍ෂව කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරවල මිල ද ඉහළ යන බවත් එහ නිලධාරියා ප්‍රකාශ කළා.

ලෝක වෙළෙඳපොලේ ගෑස මිල ඉහළ යෑම මෙම මිල ඉහළ දැමීමට හේතුව බවයි එම මිල ඉහළ දැමීම ලබන පෙරවාරි මස 5 වැනිදා සිට ක්‍රියාත්මක වන බව කී එම නිලධාරියා සඳහන් කළේ.