විශේෂ නිවේදනයක් - වහාම ක්‍රියාත්මක පරිදි සියලුම සුරාසැල් මේ දක්වා වසා තබයි

Report

ලෝක කම්කරු දිනය සහ වෙසක් උත්සවය නිමිත්තෙන් එළඹෙන මැයි මාසයේ දින කිහිපයක් දිවයිනේ සියලුම සුරාසල් වසා තැබීමට තීරණය කර තිබේ.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. ප්‍රේමරත්න මහතා සඳහන් කළේ පසළොස්වක පොහොය සහ කම්කරු දිනය යෙදෙන මැයි 01 වැනිදා මෙන්ම, වෙසක් පොහොය යෙදෙන මැයි 30 සහ වෙසක් පෝයට පසු දින වන මැයි 31 යන දින තුනේදී මෙම නියෝගය ක්‍රියාත්මක වන බවයි.

රුපියල පහළ වැටෙන ගාණේ ලංකාව ණය බරින් මිරිකෙයි - මෙරට ණය බර රුපියල් ට්‍රිලියන 1.1කින් ඉහළට?

රුපියල පහළ වැටෙන ගාණේ ලංකාව ණය බරින් මිරිකෙයි - මෙරට ණය බර රුපියල් ට්‍රිලියන 1.1කින් ඉහළට?

ඒ අනුව වයින් ස්ටෝර්ස්, අවන්හල් ඇතුළු සියලුම වර්ගයේ මත්පැන් අලෙවිසල් මෙම දිනවල වසා තැබිය යුතුය.

මීට අමතරව මැයි 27 සිට ජුනි 02 දක්වා වෙසක් සතිය ප්‍රකාශයට පත් කර ඇති අතර, ඉහත සඳහන් කළ දින තුන තුළ මස් මාංශ අලෙවි කරන ස්ථාන ද වසා තැබීමට නියමිත බව වාර්තා වේ.

ගෙදර යන්න ගිය ගුරුවරියට මහමගදී අමානුෂීය පහරදීමක්

ගෙදර යන්න ගිය ගුරුවරියට මහමගදී අමානුෂීය පහරදීමක්