රුපියල පහළ වැටෙන ගාණේ ලංකාව ණය බරින් මිරිකෙයි - මෙරට ණය බර රුපියල් ට්‍රිලියන 1.1කින් ඉහළට?

Report

රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මෙරට ණය බර රුපියල් ට්‍රිලියන 1.1කින් (බිලියන 1100කින්) ඉහළ ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසන බව සඳහන්.

ඒ අනුව මාධ්‍ය හමුවකට එක්වෙමින් කරුණානායක මහතා පෙන්වා දී ඇත්තේ, රුපියල ආරක්ෂා කරන බවටත්, සංචිත සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති නොවන බවටත් රජය වෙනුවෙන් මහ බැංකු අධිපතිවරයා එදා ප්‍රකාශ කළ ද, වර්තමානය වන විට එම තත්ත්වය මුළුමනින්ම වෙනස් වී ඇති බවයි.

එසේම ඔහු අවධාරණය කර ඇත්තේ රුපියලේ අගය 322 දක්වා පහත වැටීම නිසා ජනතාව මත පැටවෙන බර අතිවිශාල බවයි.

ඩොලරයට එරෙහිව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

ඩොලරයට එරෙහිව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

රුපියල එකකින් අවප්‍රමාණය වන සෑම අවස්ථාවකම අයවැයට රුපියල් බිලියන 40ක අතිරේක බරක් එකතු වන බවත්, සමස්තයක් වශයෙන් රුපියල් බිලියන 1100ක අමතර ණය බරක් මෙයින් නිර්මාණය වී ඇති බවත් ඔහු පැවසූ බව සඳහන්.

එමෙන්ම සංචිත පහත වැටීම විදේශ සංචිත සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, මීට පෙර 7.2ක් හෝ 7.8ක් වශයෙන් පැවති සංචිත ප්‍රමාණය මේ වන විට 6.8ක් දක්වා පහත වැටී ඇති බවත්, එදා මහ බැංකුව සඳහන් කළ ආකාරයට රුපියලට හෝ සංචිතවලට ප්‍රශ්නයක් නැතැයි යන ප්‍රකාශය අදට වලංගු දැයි තමන් ප්‍රශ්න කරන බවත් සඳහන් කර ඇත.

තවද ණය ගෙවීමට ඇති හොඳම උපක්‍රමය ආයෝජන දිරිමත් කිරීම වුවද, ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් නිසි උනන්දුවක් නොදක්වන බවට කරුණානායක මහතා චෝදනා නඟා ඇති බව ද වාර්තා වේ.

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන කියන්න ජනපති පාර්ලිමේන්තුවට

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන කියන්න ජනපති පාර්ලිමේන්තුවට

ඊට අමතරව මැද පෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ඩුබායි වැනි රටවලින් ඇමරිකානු ඩොලර් බිලියන 150ක පමණ ප්‍රමාණයක් සිංගප්පූරුව වෙත ඇදී ගොස් ඇති බවත්, ලංකාවට පැවති භූගෝලීය පිහිටීම අනුව එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට තිබූ හැකියාව මඟහැරී ගොස් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

තමන් මේ කරුණු අනාවරණය කරන්නේ දේශපාලන වාසි ලබා ගැනීමට නොව රටේ පවතින සැබෑ තත්ත්වය වාර්තා කිරීමට බවත්, මහ බැංකු අධිපතිවරයා මීට පෙර දුන් පිළිතුරු සත්‍ය දැයි ජනතාවට දැන් අවබෝධ වෙමින් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් දැඩි දැනුම්දීමක්?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් දැඩි දැනුම්දීමක්?