ගෙදර යන්න ගිය ගුරුවරියට මහමගදී අමානුෂීය පහරදීමක්

Report

ලුණුගම්වෙහෙර මහානාගපුර මහා විද්‍යාලයේ ගුරුවරියකට සහ සේවා පියසේ ප්‍රජා සංවර්ධන නිලධාරිනියකට ආරක්ෂිත හිස්වැසුමකින් (Helmet) පහරදී තුවාල සිදුකර පුවතක් වාර්තා වේ.

ඒ අනුව මෙයට සැකපිට "දුවන නුවන්" නැමැති කසිප්පු ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ලුණුගම්වෙහෙර පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

රුපියල පහළ වැටෙන ගාණේ ලංකාව ණය බරින් මිරිකෙයි - මෙරට ණය බර රුපියල් ට්‍රිලියන 1.1කින් ඉහළට?

රුපියල පහළ වැටෙන ගාණේ ලංකාව ණය බරින් මිරිකෙයි - මෙරට ණය බර රුපියල් ට්‍රිලියන 1.1කින් ඉහළට?

මෙම පහරදීමට විරෝධය පළ කරමින් ගුරුවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ඊයේ (29) ලුණුගම්වෙහෙර පොලිසිය ඉදිරිපිට විරෝධතාවකද නිරත විය.

පාසල නිමවී නිවස බලා යමින් සිටි ගුරුවරියකගේ මාර්ගය හරස් කළ සැකකරු ඇයට හිස්වැසුමෙන් පහර දී ඇති අතර, ඇය බේරීම සඳහා සේවා පියස තුළට දිව ගිය අවස්ථාවේදී එහි සිටි නිලධාරිනියටද ඔහු පහර දී ඇත.

පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනාම මේ වන විට ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති.

ඩීසල් ලීටරයක නව මිල රු 700? රටම බයෙන් ඉද්දි මාසික ඉන්ධන මිල සංශෝධනය කල් යන ලකුණු

ඩීසල් ලීටරයක නව මිල රු 700? රටම බයෙන් ඉද්දි මාසික ඉන්ධන මිල සංශෝධනය කල් යන ලකුණු

සැකකරු මීට පෙර බෝම්බ ළඟ තබා ගැනීමේ වරදට සිරගතව සිට මෑතකදී නිදහස ලැබූ අයෙකු බවත්, දැනට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.