තරුණයන් මත් රකුසාගෙන් බේරගන්න තරුණියන් පාරට බසී..
Jaffna
Sri Lanka
By Aruna
යාපනය දිස්ත්‍රික්කයේ දිනෙන් දින වැඩිවන මත්ද්‍රව්‍ය උවදුර හේතුවෙන් විනාශ වන යාපනයේ තරුණයන් රැකගැනීම අරමුණු කොටගෙන ඉකුත් දා යාපනයේ කාන්තා සංවිධාන විසින් විරෝධතාවක් පවත්වා තිබෙනවා.
එහිදී තරුණයන් දැනුවත් කිරීම හා අදාළ අංශවලින් මෙම උවදුර දුරු කිරීම සඳහා අවශ්‍ය සහය ලබා ගැනීම මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව පවත්වන ලදී.
මෙලෙස රටපුරා කාන්තාවෝ තරුණයින් මත් රකුසාගෙන් බේරාගැනීමට මෙලෙස වීදි බසී නම් අපේ රටෙන් මත් රකුසා තුරන් කළ හැකිද?
මේ ගැන රටේ වගකිවයුතු බලධාරීන් තම වඟකීම ඉටු කරන තෙක් මෙරට කාන්තාවෝ දෑස් දල්වා බලාසිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |