හෙට මෙරටට එල්ල වනවායැයි කියන එල්.ටී.ටී.ඊ ප්‍රහාරය ගැන අමුතු ආරංචියක්.
By Aruna
එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් හෙට දින මෙරටට ප්‍රහාරයක් දියත් කිරීමට සැළසුම් කර ඇති බවට ඉන්දීය ඔත්තු සේවා උපුටා දක්වමින් ඉන්දියාවේ ද හින්දු පුවත්පත විසින් සිදු කළ අනාවරණය සාවද්‍ය පුවතක් බව පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පවසනවා.
ඔවුන් පිහිටුවාගත් සංවිධානයේ නායක කන්දසාමි ඉන්බරාසා ත්‍රිකුණාමලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා.
කෙසේ නමුත් මෙවැනි තර්ජනයක් පැමිණිය ද ඊට හොදින් මුහුණ දීමට මෙරට ආරක්ෂක අංශ සංවිධානය වී සිටින බැවින් ඒ පිළිබඳව කළබල නොවිය යුතු බව හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක මහතා ද ප්‍රකාශ කර තිබේ.
ඔහු මේ බව සඳහන් කළේ, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කෙසේවෙතත් මේම පුවත සම්බන්ධයෙන් මෙරට ජනතාව විමසිල්ලෙන් සිටීම සියල්ලන්ගේම යහපතට හේතු වන බව මතක තබාගන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |