ලප තියෙනව නම් මේ ගැනත් පරිස්සමින් - රෝගී තත්ත්වයක වර්ධනයක්..
කළුතර දිස්ත්‍රික්කයේ ලාදුරු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කර ඇති බව කළුතර ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙක් සඳහන් කළේ ය.
ඒ පානදුර, වාද්දුව, හොරණ ඇතුළුව තවත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල ගණනාවකින් රෝගීන් වාර්තා වීමත් සමගයි.
ඒ අනුව එලෙස හදුනාගත් රෝගීන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුකර තිබෙනවා.
කෙසේවෙතත් රෝගී පවුල් යම් ප්‍රමාණයක් වාර්තා වන බවත් එවැනි රෝගීන් පිළිබඳ සොයා බැලීමට වෙනම සෞඛ්‍ය පරීක්ෂකවරයින් පත්කර ඇති බවත් ඔහු පැවසීය.
සම මතුපිට හැගීම් නොදැනෙන ලප දක්නට ලැබෙන්නේ නම් ඉතා ඉක්මනින් රජයේ රෝහලක් වෙත යොමුවිය යුතුය.
අපේ ශරීරයේ ඇතිවන සෑම ලපයක්ම ලාදුරු නොවුණත් එවැනි ලප පිළිබඳව සැලකිලිමත් නොවීම නිසා ලාදුරු රෝගය මගහැරී යන්නට පුළුවනී.
Mycobacterium leprae නම් බැක්ටීරියාවක් මගින් ලාදුරු රෝගය ඇති වේ.නමුත් ලාදුරු රෝගය ඇති කරවන බැක්ටීරියාව මුලින්ම මිනිස් ශරීරයට පැමිණියේ කෙසේ ද යන්න නම් තවමත් සොයාගෙන නොමැත.
එය සමට වගේම පර්යන්ත ස්නායු පද්ධතියටම බලපෑම් කරන්නට සමත් ය.මේ රෝගය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදයි.එනම්,
බෝ වන ලාදුරු - මේ තත්ත්වයේදී දැනීම් නොමැති ලප 5 ට වැඩි ගණනක් ශරීරයේ තැනින් තැන ඇති වේ.සමේ ඕනෑම ස්ථානයක පරීක්ෂණයක් සිදු කළොත් ඒ ඕනෑම ස්ථානයකින් බැක්ටීරියාවක් හමුවිය හැකියි.
බෝ නොවන ලාදුරු - සමේ කිසිදු ස්ථානයකින් බැක්ටීරියාව හමු නොවන අතර පර්යන්ත ස්නායු එකක් ආසාදනයට ලක්විය හැකිය.දැනීම් නොමැති ලප 1-5 ත් අතර සීමා වේ.මෙය ප්‍රවෙණිගත රෝගයක් නොවන නමුත් රෝගයෙකු සිටින පවුලේ වෙනත් සාමාජිකයෙකුට මේ රෝගය වැළදීමේ ඉඩකඩ පවතියි.
ලාදුරු රෝගයේ රෝග ලක්ෂණ ලෙස,
? හැඟීම් දැනීම් නොමැති වියළි බවක් සහිත ලප.සමේ පැහැයෙන් හෝ රතු පැහැයෙන් ඇතිවන පලු හෝ ගැටිති.
? මේ ලප මතුපිට සංවේදනය (දැනීම ) සාමාන්‍ය තත්ත්වයේ පවතින්නට හැකියි.
? මුහුණේ සම ඝනවීම,කන්පෙතිවල ගැටිති ඇතිවීම ඇස් බැමිවල රෝම ගැලවී යාම.
? නාසය අවහිරවීම.
? කටහඩ වෙනස් වීම.
? නිතර නාසයෙන් දියර ගැලීම.
? නාසයේ පටක ඉදිමීම.
? එක් අතක හෝ පාදයක හිරි ගතිය හෝ මස්පිඩු දුර්වල වීම.
මෙම රෝගය සුව කිරීමට පමා නොවී ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි.
මුල්කාලීනව මේ රෝගය හඳුනාගෙන නිසි ඖෂධ ලබා ගැනීමෙන් ලාදුරු රෝගය සුව කළ හැකිය.