දුම්රියේ ඉඩම් බදු දෙයි - ඕන අයට අයැදුම් කිරීමට අවස්ථාව.
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
Railways
By Wayomi
දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීම සඳහා අයෝජකයින්ගෙන් අයැදුම්පත් කැඳවා ඇති බව වාර්තා වෙනවා.
ඒ යටතේ සංචාරක ප්‍රවර්ධනය හා වෙනත් කටයුතු සඳහා අයෝජනය කිරීමට පෞද්ගලික අංශයෙන් යෝජනා ලබා දෙන්නැයි ඉල්ලා ඇති බවයි එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ.
ලබන 24 වැනි දා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින අතර මේ යටතේ මුහුදු බඩ මාර්ගයේ කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය හා වැල්ලවත්ත යන දුම්රිය ස්ථාන ආශ්‍රිතව ඉඩම් බදු දීමට අපේක්ෂිතයි.
එමෙන්ම උඩරට මාර්ගයේ සංචාරක ආකර්ශනයක් ඇති පරිසර පද්ධති ආශ්‍රිත දුම්රිය ඉඩම් ද බදු දීම සඳහා අයැදුම්පත් කැඳවා තිබෙනවා.
මෙම ඉඩම් බදු දීමේදී ව්‍යාපෘති යෝජනාවල ඵලදායිතාව, සංවර්ධන ක්‍රියාවලියට ඉන් ඇති දායකත්වය මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා පවත්වාගෙන යාමට බාධාවක් නොවීම යන කරුණු සැලකිල්ලට ගනු ඇති.