මේ මාර්ගයේ වාහන ධාවනය කරන රියැදුරන්ට දැනුම්දීමක්

Report

මහනුවර – හන්තාන උඩුවෙල මාර්ගයේ ස්ථාන කිහිපයක භූමිය ගිලා බැසීම සහ නායයෑම් සිදුව ඇති බැවින්, එම මාර්ගය භාවිත කරන රියැදුරන් විශේෂයෙන් රාත්‍රී කාලයේදී දැඩි අවධානයෙන් රථ වාහන ධාවනය කළ යුතු බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කරයි.

මේ ප්‍රදේශයට නායයෑම් අවදානමක් - කඩවල් පවා වසා මිනිස්සු අයින් කරයි

මේ ප්‍රදේශයට නායයෑම් අවදානමක් - කඩවල් පවා වසා මිනිස්සු අයින් කරයි

එහි සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා සඳහන් කළේ, මෙම මාර්ගයේ හදිසි නායයෑම් ඇති විය හැකි අවදානමක් පවතින බැවින්, ඒ සම්බන්ධයෙන් රියැදුරන් දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

විශේෂයෙන් රාත්‍රී කාලයේදී මෙම මාර්ගය ඔස්සේ ගමන් කිරීම වැඩි අවදානමක් සහිත වන අතර, එම නිසා හැකි සෑම අවස්ථාවකම ආරක්ෂිතව සහ විමසිල්ලෙන් රිය පදවන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් නිවේදනයක්

ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් නිවේදනයක්