ගෑස් වලට ලාෆ්ස් වෙතින් මිල සූත්‍රයක්

srilankanews gagananews laughgas
By Gagana Dec 01, 2021 12:53 AM GMT
Gagana

Gagana

Report

ගෘහස්ථ ගෑස් සිලින්ඩර සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට තමන් කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.

ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය කියා සිටියේ ලෝක වෙළඳපලේ මේ වන විට පවතින ප්‍රවණතාවයට අනුව ලබන මාසය වනවිට ගෑස් මිල අඩුවනු ඇතැයි ගණන් බලා ඇති බවයි.

සිය සමාගම හඳුන්වාදීමට නියමිත ස්වාධීන මිල සුත්‍රය එම මිල පහළ වැටීමත් සමඟම ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇති බවයි ලාෆ් සමාගමේ සභාපතිවරයා කියා සිටියේ.

ඒ අනුව සේවා සැපයීමක් සඳහා ස්වාධීන මිල සූත්‍රයක් හඳුන්වා දෙන පළමු පෞද්ගලික ආයතනය සිය ආයතනය බවත් ඔහු සඳහන් කළා.

“මෙම ස්වාධීන මිල සූත්‍රය ක්‍රියාත්මක වීමත් සමඟම ලෝක වෙළඳපලේ සිදුවන මිල උච්චාවචනයන්ට අනුව ඊට සමගාමීව ගෑස් මිල අඩු වැඩි කරන ක්‍රමයක් අනුගමනය කරන එකම සංවිධානය ලාෆ්ස් සමාගමයි” යනුවෙන් ඔහු මෙහිදී පවසා සිටියා.

එමෙන්ම මේ වන විට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අත්‍යාවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩර ඉවත් කර ඇති බවත්, ඒ හේතුවෙන් එම නිෂ්පාදනය සඳහා උපරිම සිල්ලර මිලක් තීරණය කිරීමට අධිකාරියට නොහැකි බවත් කියා සිටි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ලාෆ්ස් ගෑස් සිලින්ඩරය ආශ්‍රිතව අනතුරක් සිදුවුවහොත් එවැනි සිදුවීම් සඳහා රක්ෂණාවරණයක් ලබාදීමේ ක්‍රමවේදයක්ද ඔවුන් සතුව පවතින බවයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

JOIN NOW