අලුත් අවුරුද්දෙන් පස්සෙ ජනපති කාර්ය මණ්ඩලය වැඩ පටන් ගත් ආකාරය .(PHOTOS)
අද (16) ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව නව වසරේ රාජකාරී ආරම්භ කළේ ය.
ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ය.
එහිදී ජනාධිපති ලේකම්වරයා කාර්ය මණ්ඩලය වෙත අලුත් අවුරුදු සුබ පැතුම් එක් කළේ ය.
එමෙන්ම, ඔවුන් සමග සුහද කතාබහක ද නිරත විය.
ඒ මහතා එහිදී කියා සිටියේ, රට තුළ නව පරිවර්තනයක් ඇති කරමින්, අලුත් රටක් නිර්මාණය කිරීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට රාජ්‍ය සේවයේ සියලුදෙනා අලුත් අවුරුදු අධිෂ්ඨානයකින් හා නව ජවයකින් කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.
කෙසේ වෙතත්, පසුව ජනාධිපති ලේකම්වරයා ඇතුළු පිරිස සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවිධානය කර තිබු තේ පැන් සංග්‍රහයට ද එක් විය.

