ගුවන් යානයක් කිඹුලන් පිරි වගුරකට වැටෙයි (PHOTO)

Missing Persons Plane Crash Accident Amazon Sinhala news
By Kaushi May 04, 2025 04:41 AM GMT
Kaushi

Kaushi

Report

කිඹුලන් පිරි වගුරකට වැටුණු කුඩා ගුවන් යානයක සිටි පස් දෙනෙක් බේරා ගැනීමට දිවි ගලවා ගන්නා කණ්ඩායම් සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ පැය 36 ට පසුවයි.

ලතින් ඇමරිකා රටවල් කිහිපයක් පුරා පැතිර පවතින ඇමසන් වැසි වනාන්තරයේ බොලීවියාවට අයත් කොටසින් මෙම සිදුවීම වාර්තා විය.

ඒ අනුව ඉකුත් සිකුරාදා දින (2) සැහැල්ලු ගුවන් යානයක් ඇමසන් වනාන්තරයට ඉහළින් පියාසර කරමින් තිබුණ ද එය හදිසියේම අතුරුදහන් වී තිබේ.

පළාත් පාලන ඡන්දයට විදෙස් නිරීක්ෂකයින් නෑ - ට්‍රම්ප් නිසා මුදල් ප්‍රශ්නලු

පළාත් පාලන ඡන්දයට විදෙස් නිරීක්ෂකයින් නෑ - ට්‍රම්ප් නිසා මුදල් ප්‍රශ්නලු

මෙම ගුවන් යානය තුළ කාන්තාවන් තිදෙනෙකු හා කුඩා දරුවකු සිට ඇත.

දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් ගුවන් යානය වානාන්තරය තුළට කඩා වැටුණු බවට සැක කොට කළ සෝදිසියකින් යානය වගුරක තිබී සොයා ගෙන තිබේ.

එහිදී යානයේ නියමුවා සහ ගමන් ගත් කාන්තාවන් තිදෙනා ඇතුළු දරුවා යානයේ වහලය යටට වී සිටි බව වාර්තා වේ.

ඒ වන විටත් යානයේ අඩක් වගුරේ ගිලී තිබී ඇති අතර එය කිඹුලන් පිරි වගුරක් බවට ප්‍රකාශ කරයි.

සබරගමුවේ නවක වද සිද්ධිය ගැන පරීක්ෂණ CIDයට

සබරගමුවේ නවක වද සිද්ධිය ගැන පරීක්ෂණ CIDයට

මේ පිළිබඳ යානයේ නියමුවාගෙන් කළ විමසීමක දී ඔහු පවසා ඇත්තේ යානයේ ඇන්ජිමේ හදිසියේ හටගත් දෝෂයක් හේතුවෙන් මෙසේ වගුර මත හදිසි ගොඩබෑමක් කළ බවයි.

අවස්ථාවෙන් දිවි ගලවා ගත් පිරිස සුළු තුවාල ලබා සිටියද මේ වන විට යහතින් පසු වෙන බව දිවි ගලවා ගන්නා කණ්ඩායම් වාර්තා කර ඇත.

ඔවුන් මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ උතුරු බොලීවියාවේ බෝරාස් නුවර සිට ට්‍රිනිඩැඩ් නුවර දක්වා පියාසර කරන විටයි.


GalleryGalleryGallery
ReeCha