රෝහලේ බෝම්බය තැබූ තරුණයාගේ විශ්මිත පාපෝච්චාරණය මෙන්න..පොලිසියත් පුදුම කරවයි.(VIDEO)

Police Sri Lanka Bomb Thrincomale Lanka hospital
By Aruna Sep 16, 2021 06:10 AM GMT
Aruna

Aruna

Report

නාරාහේන්පිට ලංකා රෝහලේ වැසිකිලියක් තුළ තිබී සොයා ගත් අත්බෝම්බය තබා ඇත්තේ පොලිසියට ඒ සම්බන්ධයෙන් ඔත්තුවක් ලබා දී කිසියම් ත්‍යාග මුදලක් ලබා ගැනීමේ අරමුණෙන් බවට අත්අඩංගුවේ පසු වෙන සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත්, සැකකරුට අත්බෝම්බය ලැබී ඇත්තේ කෙසේ ද යන්න පිළිබදව තවමත් නිශ්චිත තොරතුරක් අනාවරණ වී නැහැ.

ත්‍රිකුණාමලය - උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු මෙම සිද්ධියට අදාළව ඊයේ අත්අඩංගුවට ගත් අතර, ඔහු මීට සතියකට පමණ පෙර කොළඹට පැමිණ ඇත්තේ අදාළ රෝහලේ ආරම්භ කර ඇති ඉදිකිරීම් කටයුතු සඳහා එක් වීමේ අරමුණින්.

දැනට සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලින් වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ, ඔහු අධික ලෙස ණය බරකින් පෙළෙන පුද්ගලයෙකු බවටයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join now