දිස්ත්‍රික්ක කිහිපයකට අදත් රතු නිවේදන....
Badulla
Kandy
Kurunegala
Ratnapura
Landslide In Sri Lanka
By Hashini
බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට සහ තවත් ප්‍රදේශ කිහිපයකට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ගම්පහ, මහනුවර ,කෑගල්ල ,කුරුණෑගල ,මාතර ,මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ද නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
එම අනතුරු ඇඟවීම් අද (23) රාත්‍රී 8.30 දක්වා බලපැවැත්වෙනු ඇති.
මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය ආසන්නයේ සිදුවූ නායයෑමක් හේතුවෙන් ගමනාගමනයට බාධා සිදුවී තිබෙනවා.



