අඩු පීඩන කලාපයේ වර්ධනයත් සමඟම ප්‍රා.ලේකම් කොට්ඨාශ අටකට නාය රතු එළි
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අටක් සඳහා පළමු මට්ටමේ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
බදුල්ල, කුරුණෑගල, මාතලේ, මොණරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට අයත් මෙම ප්‍රදේශවල පදිංචි ජනතාව කඳු බෑවුම්වල සිදුවන වෙනස්වීම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව එම සංවිධානය අවධාරණය කරයි.
මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ කිරිඳිඔයේ තණමල්විල ජල මාපක ප්‍රදේශයෙන් ගඟේ ජල මට්ටම මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි.
මේ හේතුවෙන් කිරිඳිඔය සහ මැණික් ගඟ දෙපස පහත් බිම්වල පදිංචි ජනතාවට සහ එම මාර්ග පරිහරණය කරන පිරිස්වලට වහාම ආරක්ෂිත පියවර ගන්නා ලෙස දැනුම් දී තිබේ.
නායයෑමේ අවදානම පවතින ප්‍රදේශවල පොළොවේ පැලුම් ඇතිවීම හෝ ගස් ඇලවීම වැනි ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම් වහාම එම ස්ථානවලින් ඉවත් වීමට ජනතාව කටයුතු කළ යුතුය.